හැටන් රංජිත් රාජපක්ෂ –
අන්තරාදායක ලෙස හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථ දෙකක් ධාවනය කර එහි දර්ශන පටිගත කර සමාජ මාධ්‍යට මුදා හැරි තරුණයන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද (03) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් පැවති මෙම විඩියෝ පටය ත්‍රිරෝද රථය ධාවනය කළ තරුණයන් විසින්ම සමාජ මාධ්‍යට එක් කර තිබු බවත්, එහි දර්ශන භාගත කිරිමෙන් අනතුරුව එම ත්‍රිරෝද රථවල ලියාපදිංචි අංක ඔස්සේ විමර්ශනයක් සිදු කර ත්‍රිරෝද රථ දෙක සහ තරුණයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උපොප චිරාජ් කුලසුරිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවු 20-30 අතර වයස් කාණ්ඩ වල පසුවන හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුන දෙහිගම , හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේනගේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරි තිබේ.
එම සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අන්තරාදායක ලෙස ත්‍රිරෝද රථ ධාවනය කිරිම යන චෝදනාව යටතේ නෛතික පියවර ගන්නා බව පොලිසිය කීවේය.







