ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට (අගෝස්තු 04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් අද නිවේදනය කළේය.
ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 85 කින් වැඩි වී ඇති බව සභාපතිවරයා කියා සිටියේය.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.







