චීනයේ දැඩි බලපැමට ලක්ව ඇති මොංගෝලියාව ක්‍රමක්‍රමයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සමීප වීමට උත්සහ කරමින් සිටින බවට නවතම වාර්තාවන් පෙන්වා දෙයි.
ඒ අනුව සොබාවික සම්පත් වලින් බහුල චීනයට සහ රුසියාව අතර මැදිව පිහිටා තිබෙන මොංගෝලියව පසුගිය කාලය පුරාවට චීනයේ දැඩි බලපෑමට ලක්වූ රටක් විය. මුහුදකට හිමිකම් නොකියන මොංගෝලියාව භූගෝලීය වශයෙන් ගොඩබිම් වලින් වටවූ රාජ්යකයි.
මෙම තත්තවය හේතුවෙන් සිය ස්භාවික සම්පත් අපනයන කිරීමට දැඩි අභියෝගයකට කාලය පටන් මුහුණ දෙයි. එමෙන්ම ඔවුන් සතු ස්භාවික සම්පත් හේතුවෙන්ම චීනය එම සම්පත් අත්පත් කරගැනීමටද දශක ගණනාවක පටන් ඇසකවමින් සිටින බවද නොරහසකි.
ලොව දුර්ලභ ඛණිජ සම්පත් රැසකට හිමිකම් කියන මොංගෝලියවට චීනය එම ඛණිජ සම්බන්ධයෙන් දක්වන ඒකාධිකාරියෙන් ඉවත් කිරීමට හැකියාවක් පැවතීමද විශේෂත්වයකි. මෙම තත්ත්ව හමුවේ මොංගෝලියානු අග්‍රාමත්‍යවරයා ඉකුත් දා ඇමරිකානු එක්සත් ජනපදයේ සංචාරයක නිතරවූ අතර එහිදී මෙම දුර්ලභ ඛණිජ නිස්සාරනය සම්බන්ධයෙන් මූලික අවධානය යොමුකරමින් ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත විය.
මේ අතර මොංගෝලියාන අග්‍රමාත්‍යවරයා රොයිටර් පුවත්සේවය වෙත ප්‍රකාශ කළේ ජුනි මාසයේදී පිහිටුවන ලද අවබෝධතා ගිවිසුමක් හරහා දුර්ලභ පෘථිවි ඛනිජවල හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සමතව ඇති බවයි. මෙහිදී අග්‍රමාත්‍යවරයා විසින් ඇමරිකා එක්සත් ජනපදය තීරනාත්මක “උපායමාර්ගික තුන්වන අසල්වැසියා” ලෙසියකු හැදින්වීමට කටයුතු කර තිබිණි.
එමෙන්ම අග්‍රමාත්‍යවරයා විසින් චීනයට සහ රුසියාවට මායිම්ව ඇති මෝංගෝලියාවට ගෝලීය බලපතුවන්ගේ ගැමුම් වලදී මැදීවීමේ අවධානමක්ද පවතින බවටද පෙන්වා දුන් අතර ඒ සඳහා ශක්තිමත් හවුල්කාරයෙකු සිටීම අතිශ්‍ය වැදගත් බවටද පෙන්වා දුන්නේය.