ලලිත් චාමින්ද –
අක්මිමන කදුරුගස්හේන මුත්තලයිහේන ප්‍රදේශයේ පවුල් 05කට අයත් පුද්ගලයින් 19 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම ගම්මානයේ පුද්ගලයින් 34 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 19 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පි. ජි. කිර්තිජයලාල් පවසයි. කොවිඩි ආසාදිතයින් අතර ළමුන් 07 දෙනෙකු ද සිටින බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.
මුත්තලයිහේන ප්‍රදේශයේ කළුවලක ළමුන් පිරිසක් රංචු ගැසි දිය නා ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.
කොවිඩි අවදානම සහ ආරක්ෂාවිමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.







