සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීම හේතුවෙන් හෙට සිට සති කිහිපයකට වසාදැමීමට සිදුවන බව Ceylon petroleum storage terminals සමාගමේ ප්රකාශකයෙක් ලංකාසරට පැවසීය.
ඇණවුම් කළ බොර තෙල් සැපයුම ලැබීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේ අග භාගයේ දී බැවින් එතෙක් පිරිපහදුව සඳහා බොරතෙල් ඇත්තේ අද දිනට පමණක් බවත් ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ඉන්ධන සැපයුමෙන් 40%ක් පමණ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිපදවන ඉන්ධන භාවිතා කරන අතර එම හිඟය අවම කර ගැනීම සඳහා නිමි නිෂ්පාදන ලබා ගැනීමට සිදුවන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
ලබන දෙසැම්බර් මාසේ තුන්වැනි සතියේදී බොරතෙල් මෙට්රික් ටොන් 90000ක් පැමිණීමට නියමිත අතර එය යළිත් නිෂ්පාදන ආරම්භ කිරීමට ප්රමාණවත් වුවද එම තෙල් තොගය සෑහෙන්නෙ දින පහළොවකට පමණක් බවත් එම තොගය අවසන් වීමට පෙර තවත් මොණරෙන් තොගයක් ගෙන්වාගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වුවද දැනට ලැබී ඇති තොරතුරු අනුව ඊළඟ බොරතෙල් ඇනවුම ලැබීමට නියමිතව ඇත්තේ ද ජනවාරි මාසයේ මැද භාගයේ දී බැවින් මෙම බොරතෙල් ලැබුණද යළිත් පිරිපහදුව අක්රිය කිරීමට සිදුවනු ඇති බව ඔහු අනතුරු ඇඟවීය.
මෙම පිරිපහදුවේ ප්රමාණවත් තෙල් නොමැතිවීම හේතුවෙන් ඉදිරියේදී මෙරට භූමිතෙල් සම්බන්ධවද හිඟයක් ඇති විය හැකි බව ද ඔහු ඉඟි පළ කළේය.
ඊට හේතුව පිරිපහදු නිෂ්පාදන ක්රියාවලියේ අතුරුඵලයක් අතුරු ඵලයක් ලෙස භූමිතෙල් භූමි තෙල් නිපදවන අතර එය දැනට ආනයනය කිරීමට රජය කටයුතු කරන්නේ නැත.
එල්පී ගෑස් හිඟයක් ඇතිවීම හේතුවෙන් භූමිතෙල් උදුන් භාවිත කිරීම සඳහා පරිවර්තනය වූ පාරිභෝගිකයන්ට භූමි තෙල් හිඟයකට මුහුණදීමට සිදුවනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.