ඇද හැළෙන මහා වර්ෂාවත් සමඟ බොහෝ ගොවි බිම්වලට යෙදූ කාබනික පොහොරද ජලය සමඟ ගසාගෙන ගොස් ඇති බැවින් සහ ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පවතින අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් යළිත් රසායනික පොහොර ගොවි ජනතාව සඳහා සැපයීමට ජනාධිපතිවරයාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගේත් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් උඩරට එළවළු වගාවන්වලට යෙදූ කාබනික පොහොර වැසි ජලය සමග සේදී යාම හේතුවෙන් එම ප්‍රදේශවල එළවලු වගාවලට විශාල අභියෝගයක් එල්ල වී ඇති බවත් ඔවුන්ට රසායනික පොහොර ලබා නොදුණහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇති බවත් කෘෂිකර්ම අමාතය්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සන්ඩේ ටයිම්ස් පුවත් පත වෙත ප්‍රකාශ කර ඇත.
විශේෂයෙන් නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල එළවළු ගොවීන්ට මෙය දරුණු ප්‍රශ්නයක් වී ඇති අතර අමාත්‍ය අලුත්ගමගේ මෙම ගොවීන්ට කඩිනමින් අවශ්‍ය රසායන පොහොර හ දිලීර නාශක ලබා දීමට අදාළ පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඔහු මේ වනවිටත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ බව දැනුම් දී ඇති අතර දැනට රට තුළ පවතින කෘෂි රසායන සහ රසායනික පොහොර සම්බන්ධ ප්‍රමාණයන් විමසා කඩිනමින් වාර්තා කරන ලෙස පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාටද උපදෙස් ලබා දී ඇත.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත් පත සඳහන් කරන්නේ වර්තමානයේ පවතින අහයපත් කාලගුණික තත්ත්වය සහ පොහොර ගැටලුව මත ඉදිරියේ දී ඇති විය හැකි ආහාර සුරකෂිතතාව සම්බන්ධ ගැටලුව පිළිබඳව අධ්‍යයනය කොට කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසය. ජනාධිපතිවරයා මේ වන ප්‍රකාශ කොට ඇත්තේ වර්ෂාවත් සමඟ උතුරු පළාතේ ගොවි බිම් විශාල ප්‍රමාණක්ද හානියට පත්වීම නිසාය.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේද වගා හානියට පත් වූ ගොවි ජනතාව වෙත කඩිනමින් රක්ෂණ වන්දි ලබා දීම සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය ට අදාළ උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.








චීන්නුන්ට ජාත්‍යන්තර ශාක ආරක්ෂක සම්මුතිය (IPPC) ගැන උගන්නන්න වෙයි වගේ. උනුත් ඒ සම්මුතියට බැදිලා ඉන්නෙ කියලවත් උන් දන්නවද දන්නෙ නෑ. උන් ඒක දන්නවනම් කවදාවත් තුන්වෙනි පාර්ශ්වයක් ගැන කතා කරන්නෙවත් නෑ.