දිනසේන රතුගමගේ –
පෙළපාලියක් පවත්වා දෙමළ ජනතාවට වැරදි අදහස් ලබා දී එල්.ටී.ටී.ඊ.සංවිධානයට යළි පණදීමට කටයුතු කළේ යැයි චෝදනාව මත කිළිනොච්චිය පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ සභාපති සුබ්‍රමනියම් සුරේන්ට මේ මස 17 වෙනිදා කොළඹ ත්‍රස්තමර්දන ඒකකය වෙත පෙනී සිටින ලෙස සිතාසි යවා තිබේ.
කිළිනොච්චිය පොලීසිය මගින් එම සිතාසිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා වෙත මේ වන විට බාර දී තිබේ.
කිළිනොච්චිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම අදාල සිද්ධිය මත ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා ප්‍රශ්න කොට ඇති අතර සභාපතිවරයාද ප්‍රශ්න කිරීම පිණිස කැඳවා ඇත.







