කීර්ති ප්‍රනාන්දු –
මිනුවන්ගොඩ පත්අඬුවන ප්‍රදේශයේ අද (2) දහවල් පුද්ගලයෙක් ගෙල කපා ඝාතනය කර ඇත.
ඝාතනය වූ පුද්ගලයාත්, ඝාතන සැකකරුත් තවත් කාන්තාවකුත් එකම නිවසක ජීවත් වෙමින් සිට ඇති බවත්, ඝාතනය වූ පුද්ගලයා සහ ඝාතන සැකකරු මිතුරන් බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
දැනට පෙනී යන ආකාරයට කාන්තාව මුල් කරගෙන ඇති වූ බහින්බස් වීමක කෙළවර මේ ඝාතනය සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව විමර්ශන අංශ කියයි.
මේ වනවිට සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇතුළු සිද්ධියට සම්බන්ධ මූලික විමර්ශන කටයුතු සිදුකර ඇත.
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







