තුෂාරි කළුබෝවිල –
අද අළුයම 04ට පමණ වයඹදිග පැපුවා නිව්ගිනියාවේ රික්ටර් පරිමාණයේ 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
වෙවාක් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 97 ක් දුරින්, කිලෝමීටර් 62 ක් පොලව පත්ලේ මෙම කම්පනය සිදුවි තිබේ.
සුනාමි අවදානම් නිවේදන නිකුත් කර නැත.
ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රමාණය අඩු වුවද භූමිකම්පා කලාපයේ ප්‍රජාවන්ට හානි වීමේ හැකියාවක් ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.,
සිදුවී ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.







