සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැර කොල්ලා කළ වැළිසර අනතුරේ හෙළි නොවුණු කතා!

by editor
නොවැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කිව්වානාහන කොල්ලා කළ විනාසය දකිමින් හිඳිමි.

ඒ මරණය ඔවුන්ට අදහාගත නොහැකිය.  නිවැසියන් තවමත් කම්පනයෙනි.  ප්‍රමෝදා මධුශිකා දුව හඬා වැටෙමින් කතා කරන්නීය.

ඩබ්ලියු . ජී.අමරසිරිය

ඇයගේ තාත්තා 16 හැවිරිදි මැරකොල්ලා පදවාගෙන ගිය සුඛෝපභොගී රථයට යට වී පෙරේදා මහ මගම මිය ගියේය. ඇයගේ ඥාති සොයුරා ජීවිතයත් මරණයත් අතරය. ඒ දරුවාටත් වයස  අවුරුදු 16කි. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිනා ඒ පුතාගේ ජීවිතය පිළිබඳ විශ්වාසයක් නැතැයි රෝහල් ආරංචි මාර්ග කීවේය.

මහමග මිය ගියේ ඩබ්ලියු . ජී.අමරසිරිය. අමරසිරිගේ වයස අවුරුදු 50කි. අවුරුදු 51ට ලබන්නේ දෙසැම්බර් 24 දාය. ඔවුන් පදිංචිව සිටින්නේ නො  80/4, තොටුපල පාර, වැලිසර රාගමය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මධුශිකා දියණිය ඊයේ මහබාග පොලිසිය අසල හඬා වැටී මාධ්‍යයට කීවේ ධනයට බලයට යට නොවී යුක්තිය සාධාරණය ඉෂ්ට කරන්නට බලපෑම් කරන ලෙසය. තාත්තා මියගොස්  තමන්ගේම සොයුරා ලෙස සිටි ඥාති සොයුරා මරණයේ එළිපත්තට ඇද දැමූ විට, සුවය ලැබුවත් සදාකලික අබ්බගාතයෙක් ලෙස ජීවිතයේ ඉතිරිටික ගෙවා දැමීමට  ඒ දරුවාට සිද්ධ කර ඇති විට ඒ ජීවිතවලට ඉටුවිය යුතු සාධාරණය ගැන අපට නම් තේරෙන්නේ නැත.

මධුශිකා

මධුශිකා හඬා වැටෙමින් ඇයගේ කතාව  කීවාය.

“ අපේ පවුලේ අම්මයි තාත්තයි නංගියි මමයි එක්ක ආච්චි ජීවත්වුණා. නංගි 09 වසරෙ. එයාට අවුරුදු 13යි. මං මේ පාර තුවෙනි වතාවටත් උසස්පෙළ විභාගයට පෙනී හිටියෙ. තාත්ත තමයි අපිව ජිවත් කළේ.“

“එයා ගොඩාක් උත්සාහයෙන් වැඩ කළා… එයාට තියෙනවා පැන්ට්‍රි කබඩ් හදන වැඩපළක්. කීප දෙනෙක් එයා එක්ක වැඩ කරනවා. අඩි විස්ස පාරේ ප්‍රැන්ට්‍රිකබඩ් වැඩපොළ කිව්වාම මේ පැත්තෙ නොදන්න කෙනෙක් නෑ.“

“ පෙරේදා උදේ ගෙදර ගෑස් ඉවර වෙලා තිබුණේ. ගෑස් කොහෙවත් නෑ. ගෑස් නැති නිසා උයන්න බෑ කිව්වම තාත්තාම උදේ කෑම හැදුවා. හදලා අපි හැමෝටම කැව්වා. කාලා ගෑස් එකක් කොහොම හරි හොයාගෙන එන්නම් කියලා තමයි ගියෙ. මල්ලි එක්ක ගියේ ගෑස් එක තනියම ගෙනියන්න බැරි නිසා.“

ඒ ඉරණම් ගමනට ගිය පුතාගේ නම  ගිනිඳු අකලංක.  ගනිඳු රත්නපුරයේ ය. ඔහු මධුශිකාගේ ඥාති සොයුරෙකි. අධ්‍යාපනය ලබන්නෙ රත්නපුර සුමනසමන් දේවාල විද්‍යාලය.

“මල්ලි  ඕලෙවල් කරලා ඉවරයි. එයා නිවාඩුවට මෙහෙ ආවෙ  දෙවන පාර ගණන් දාන්න ඕන හින්දා මගෙන් ගණන් අහගන්න.  කර්ෆිව් නිසයි ගෙදර යන්න පරක්කු වුනේ. ඊයෙ තමයි ආච්චිත් එක්ක ආපහු ගෙදර යන්න හිටියෙ. මල්ලිගෙ තාත්තා ඔත්පල වෙලා ඉන්නෙ. අම්මට රැකියාවක් කරගන්න බෑ. අපේ ඥාති එකතුවෙලා තමයි ඒ අයව බලාගත්තේ.“

“තාත්ත මල්ලිත් එක්ක ගියා වැඩපලට යන්න කලින් ගෑස් එකක් ගෙනත් තියන්න…“ මධුශිකා දුව එක දිගට හඬන්නට වූවාය.

එතැන සිට වෙන හරිය දැන් රටම දන්නේය. කිව්වානහන මැර කොළුවා තාත්තා නා ගන්නා අතර තාත්තාගේ සුඛෝපභෝගී වාහනයත් රැගෙන එළියට බහින්නේය. වාහනයේ තවත් දැරියක් සිටින්නේය. ඒ දැරිය මේ කොළුවාගේ සොයුරියක් බව කියන්නේය. ඒ අතර තවත් කතා ඇසෙන්නේය.

මියගිය අමරසිරිත්, දැන් මරණය දැක දැක පණ අදින ගණිඳු පුතාත් කොළඹ පැත්තට ගෑස් හොයාගෙන යන්නේය.   මීගමුව පැත්තට වේගයෙන් රිය ධාවනය කර මැර කොලුවාගේ   වාහනය පාලනයෙන් ගිලිහී   මාර්ගයෙන් පැන කෙළින්ම වදින්නේ අමරසිරගේ මෝටර් බයිසිකලයේ ය. බයිසිකලය කුඩුය. අමරසිරි එතැනම මියගොස්ය. ගණිඳුපුතා මරණිය තුවාල ලබමින් පාර මැදය.

මේ අතර සිදුවන අමානුෂිකම සිදුවීම මේ සමාජයේ සැබෑ යථාර්ථය හෙළි කරන්නේය. අමරසිර පාර මැද මැරී වැටී සිටින විට ගණිඳු පුතා නුදුරින් පණ අදිමින් සිටින විට මොකෙක් දෝ කාලකණ්ණියෙක් මේ දෙදෙනා රැගෙන යමින් තිබුණු ගෑස් ටැංකිය හොරකම් කරගෙන ගොස්ය.

ජිවිත දෙකක් නැතිවූ තැන ගෑස් ටැංකියක් අහවල් මගුලක් නොවේ. අප විමසිය යුත්තේ මේ සමාජ මනෝභාවය හැසිරෙන ආකාරය ය.  පාර මැද්දේ මිනිස්සු මිය යන්නට හැර අනතුරු වීඩියෝ කරන අපතයින්, ඒ පණ අදින මිනිසුන්ගෙන් යමක් කඩා වඩා ගන්නට උත්සාහ කරන කාලකණ්ණි සහිත සමාජයක කිසිවෙකුටත් රැකවරණයක් නැති බව ලියා තැබිය යුතුය.

දැන් මේ අහිංසක දරු පවුල සපුරා විනාශය. මේ විනාශය පූරණය කළ හැකි වන්දිය කුමක් ද?. ගණිඳු පුතා පණ අදිමිනි. ජීවත්වුවත් ඔහු සදාකාලික අබ්බගාතයෙකි. ඔත්පලව සිටින ඔහුගේ මව්පියන්ට මේ කාලකණ්ණි කොළුවාගේ මව් පියන් තමන්ගේ දේපල සියල්ලෙන් වන්දි ගෙවුවත් සෑහෙන්නේ ද?.

මධුශිකා දුවේ.. උන්ගේ කුණු වන්දි උඹලාට ලැබේදැයි අප දන්නේ නැත. ඒ වන්දිවල තක්සේරුව මොන ආකාරයෙන් සිදුවුත් නුඹලාට වුණු අපරාධකාරී විනාශය ඉන්  පූරණයවන්නේ නැත. නුඹට දැන් මුහුණ දෙන්නට ඇති අභියෝගය අම්මා නංගීත් සමග මේ අශික්ෂිත සමාජයේ ජීවත් වීමය.

නුඹේ තාත්තා පණ අදිමින් මියෙනු දැක දැක, මල්ලී ජීවත්වීමේ අවසාන අරගලයේ යෙදී හිඳිනු දැක දැක උන් සන්තකයේ තිබූ ගෑස් ටැංකිය හොරකම් කරගෙන ගිය කාලකණ්ණින් සහිත සමාජයක ජීවත්වීමට වඩා මරණය පහසුය.

ඒ අතින් උඹේ තාත්තා වාසනාවන්තය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රජය බැසිල්ට මුදල් ඇමතිකම දුන්නේ බංකොලොත් කරලා

Next Post

අධිකරණ ඇමති ජනපති හමුවී හිත හදා ගනී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.