එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කිරීම පිළිබඳව කණස්සල්ලෙන් සිටි අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි ඊයේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු සිය හිත හදාගෙන ඇති බව වාර්තා වේ.
රටේ නීති සැකසීම සඳහා විධිමත් ආයතන පවතිත්දී මෙවැනි බලකා හරහා නීති සම්පාදනය කිරීමට උත්සාහ කිරීම පිළිබඳ තමන්ගේ ඇති අපහැදීමත්, එවන් ක්‍රියාවලියක දී ඇතිවිය හැකි අනවශ්‍ය ප්‍රශ්නත් ගැන අමාත්‍යාවරයා ජනාධිපතිවරයා හමුවේ විස්තර කර ඇත.
එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට උපදෙස් ලබා ගැනීමට මිස රටේ නීති සෑදිමට නොවන බවත් නීති සකස් කිරීමේ දී අනිවාර්යෙන්ම අධිකරණ ඇමතිගේ දායකත්වය ලබා ගන්නා බවත්ය.
අධිකරණ ඇමතිවරයා ඒ ප්‍රකාශයෙන් සෑහීමකට පත් වී ඇතැයි වාර්තා වේ.
.
.







