මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මුදල් ඇමතිකම ලබාදී ඇත්තේ ඔහුගේ ආණ්ඩුව විසින් රට බංකොලොත් කිරීමෙන් පසුව බවට ඔහුම පිළිගන්නේ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව කීය.
“ඉදිරි සතියේ ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරනවා. එය මුදල් ඇමතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී. දැනටමත් එතුමා කියලා තියෙනවා දෙන්න දෙයක් නැහැ ගන්න තමයි තියෙන්නේ කියලා එතුමාට සාධාරණත්වයක් වෙන්න එතුමා මුල් කතාවේම කිව්වා මම මුදල් නැති මුදල් ඇමැති කියලා. ඒකෙන් එතුමා පිළිගන්නවා එතුමාගේ රජය රට බංකොලොත් කර ඇති බව .මම දැක්කා ඩිව් ගුණසේකර මැතිතුමා මේ ගැන කතා කරනවා තුමාගේ දත්තවල සුළු වැරදීමක් තිබුනා මංගල සමරවීර මැතිතුමා මුදල් ඇමති වෙලා ඉන්නකොට තමයි රාජ්‍ය ආදායම ඉහළට ගියේ යහපාලන රජය රට බාර ගන්න කොට 2015 දී ආදායම දළ දේශීය නිෂ්පාදනය තිබුණේ 10% අපි රට භාර දෙන විට එය 13% කට ආසන්නව තිබුණා.
මේ රටේ ද්විත්ව ප්‍රශ්නයක් තියෙනවා එය අයවැයහි ඇති විශාල පරතරයයි. අපි එය ක්‍රමානුකූලව 5.5 ට ගෙනාවා එය අපි 3.5 ක ගෙනියන වැඩපිළිවෙලක හිටියේ .ගිය අවුරුද්දේ අය වැය පරතරය 14% මම දැන් මේ අවුරුද්දේ තත්ත්වය දැන ගන්න පුළුවන් දත්ත ආවම තමයි ඒක බලන්න වෙන්නේ .
දෙවැනි ගැටලුව රුපියල් ප්‍රශ්න විතරක් නෙමෙයි අද ඩොලර් නැහැ ඒක විශාල ගැටලුව ලංකාවේ විශාල කඩාවැටීමක්. ඉහලට ගිහින් එක පාරටම කඩා වැටිලා එය විශාල කඩාවැටීමක් එය මෙහි තිබෙන ලොකු ගැටළුවක් ව්‍යාපාරිකයෙක් යනවා මහ බැංකුවට ගිහිල්ලා කියනවා එල් සී එකක් අරින්න ඕන කියලා බැංකුවේ නිලධාරියා කියනවා ඩොලර් එකක් අරන් එන්න එල් සී අරින්න කියලා ඒය කවදාවත් හිතපු නැති දේවල් පිටරට යනව නම් ක්‍රඩිට් කාඩ් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනව නම් ප්‍රවේශම් වෙන්න එය ඇතැම් දුරට අවලංගු කරලා තියන්නත් පුළුවන්.
අපට පේනවා රජයට ප්‍රතිපත්තියක්, කළමනාකරණයක් නැති බව එය ඉතා දුර්වලයි .ආණ්ඩුවක් තියෙනවද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා අපි දන්නවා ගැසට් එක මාර්ගයෙන් බඩු මිල වැඩි කරනවා අඩුකරනවා පාලන මිල දානවා එවැනි ක්‍රියාවලියක තිබෙන්නේ . එක දවසක කියන දෙය නෙමෙයි අනිත් දවසෙ කියන්නේ . දවසක් මහාචාර්යතුමෙක් කිව්වා උපරිම අවම මිල දැන් හරි යන්නෙ නැහැ කියලා. ලුලා නැති වලට පණ්ඩිතයට බැහැ කිවුවා එවැනි අය මේ ආණ්ඩුවේ මහජන පාර්ලිමේන්තුවෙ වාඩිවෙලා ඉන්නේ ඒ අය තමයි කියන්නේ. දිගටම ගැසට් පත්‍ර නිකුත් කරනවා නොවැම්බර් 3 වැනි දා ඉදලා ගැසට් පත්‍ර අධ්‍යනය කරන විට තිබෙනවා කිසිම නිෂ්පාදන කරුවෙකු, ආනයනකරුවෙකු, වෙළෙන්දෙකු වශයෙන් පහත දක්වා ඇති භාණ්ඩ වල සදහන් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළදාම් කිරීම සදහ ඉදිරිපත් කිරීම සදහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව මෙයින් නියම කරනු ලැබේ කියලා. ඉස්සර එහෙම දාලා තිබුණා හාල් පරිප්පු හාල්මැස්සො මේ සියල්ලටම එදා පාලන මිලක් දාලා තිබුණා දැන් ගැසට් වලින් ඒ සියල්ල අහෝසි කරලා මේකෙන් පේනවා එක දවසක දානවා තව දවසක අයින් කරනවා මේ අයට හරියට පාලනය කරගන්න දන්නේ නැහැ.
අද බඩු මිල දිහා බැලුවොත් අපිට පේනවා දෙල් ගෙඩියක මිල රු 240 සාමාන්‍යයෙන් දෙල් ගෙඩියක් විකුණගන්න බැරුවයි හිටියේ .බොන්චි කිලෝවක් 350 යි කැරට් 280යි ලීක්ස් 340යි මිරිස් 580යි හිතලා බැලුවම සාමාන්‍ය මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ .වාහනය එලවගෙන එනකොට ට්‍රැෆික් ලයිට් තියෙන හන්දිවල එක එක අය විවිධ දේ විකුණනවා කපුරු බෝල, හදුන්කූරු කියයි ඇත්තටම හුඟක් මිනිස්සු ඒ හිඟාකනවා. අපි නීතිය කඩන්න කැමති නැහැ මහ පාරේ එහෙම විකුණන්න බැහැ හැබැයි එහි දෙපැත්තක් තියෙනවා එහිදී අනුකම්පාවක් ඇතිවෙනවා මිනිස්සුන්ට කොච්චර අමාරුද ජීවත් වෙන්න. මිනිස්සු එය කරන්නේ ගෙදර ඉන්න දරුවන්ට කන්න බොන්න දෙන්නේ නැත්නම් අම්මා කෙනෙක් පාරට බහින්නේ නැහැ කන්න බොන්න නැති නිසා තමයි මිනිස්සු එහෙම පාරට බහින්නේ මෙවැනි තත්ත්වයක් තමයි අද තියෙන්නේ ඒ නිසා අපි බලාගෙන ඉන්නේ අයවැයෙන් මොනාද වෙන්න යන්නේ කියලා .කොහොමද මේ අය බඩු මිළ පහලට ගේන්න ඒ අය අයවැය කලින් පොඩි සෙල්ලමක් කරල තියනවා. හාල් සහනයට බද්දක් තිබුනා රුපියල් 65ක එය සත25ට අඩු කරලා එසේ කරානම් රුපියල් 50 කින්වත් හාල් මිල අඩු වෙන්න ඕන අපි බලමු එහෙම වෙයිද කියලා. මට මතකයි සීනිවලට වුනු වැඩේ එහි කිලෝවක් සඳහා තිබුණු රුපියල් 50ක බද්ද ශත 25 ට අඩු කළා නමුත් සීනි මිල පහලට ආවද ? ආවේ නැහැ මෙතන කරේ හොර බොරු වංචාවක් ඒගොල්ලන් ගේ ව්‍යාපාරිකයන්ට විශාල ලාභ ලැබුණා ඉන්දියාවෙන් පොන්නි සම්බා හාල් කන්ටේනරයක් ඇවිත් තියෙන බවට ප්‍රචාරයක් යනවා අපි දන්නෙ නැහැ එහි ඇත්ත මොකක්ද කියලා නමුත් ඉබේටම සැකයක් ඇතිවෙනවා සීනි වලට කරපු වැඩේම හාල් වලට කරාද කියලා එසේ කරන්න එපා සීනි වලින් බද්ද අඩුකරලා රුපියල් බිලියන 16ක් අහිමි වුණා . ලංකාවේ පළවෙනි එන්නත් මාත්‍රාව සෑහෙන පිරිසකට දෙන්න එම මුදල් යොදා ගන්න තිබුණා .එම නිසා මේ ගැනත් සැකයක් තියෙනවා .ඒ වගේ කළමණාකාරීත්වයක් කරනකොට මෙය හරියට වෙයිද හාල් මිල පහළට එයි කියලා අපි බලාගෙන ඉන්නවා.
පසුගියදා අපි උතුරු පලාතේ සංචාරයක නිරතවුණා එහිදී වවුනියාව , කිලිනොච්චි , මුලතිව් , යාපනය ,චාවකච්චේරි ,මන්නාරම, යන ප්‍රදේශවල සංචාරයේදී නිරත වුණා. සමගි ජන බලවේගය හැටියට ලංකාවේ සෑම ප්‍රදේශයකටම ගිහින් ජනතාව මුණ ගැසෙනවා ඒ අයගේ ප්‍රශ්න ගැන විමසීමක් කරනවා එහිදී ඒ ගැන මනා අවබෝධයක් ලබාගෙන තමයි අපේ වැඩපිළිවෙළ අපි හදාගෙන යන්නේ. එහිදී බිම් මට්ටමේ අවබෝධයක් ලබා ගන්න පුළුවන් උතුරට ගියාම පේනවා දකුණේ තියෙන ආර්ථික අර්බුදයම එම ප්‍රදේශවත් තිබෙන බව .බඩු මිල වැඩිවීම නිසා මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. උතුරේ හුඟක් අය ජීවත් වෙන්නේ කෘෂිකර්ම කටයුතු වලින්. එහේ අයටත් පොහොර ප්‍රශ්නය උග්‍ර වෙලා අස්වැන්න අඩු වෙලා ගොවියාගේ ආදායම අඩු වෙලා දකුණ වගේමයි උතුරේ මිනිස්සු දකුණෙ මිනිස්සු වගේ හැමතිස්සෙම පාරට බහින්නේ නැහැ. එය වෙන හේතු නිසා උතුරේ තියෙන මූලික ප්‍රශ්නයක් ආර්ථික ප්‍රශ්නය. කෘෂිකාර්මික කටයුතු ධීවර කටයුතු කරන අය තමයි ගොඩක් ඉන්නේ එම නිසා ලොකු ගැටලු ප්‍රශ්න තියෙනවා ඒ වගේම සංචාරක ව්‍යාපාරයත් සිදුකෙරෙනවා නමුත් ඒ අය සංචාරකයෙකු ගොඩ දවසකින් දැකලත් නැහැ ආදායම සම්පූර්ණ අඩුවෙලා.
උතුරේ යුද්ධයෙන් පස්සේ ප්‍රශ්න ගණනාවක් ඇති වුණා ගොඩක් අයට දැනගන්න අවශ්‍ය වුණා පවුලේ නැති වුණු අය කොහෙද කියලා. මරණ සහතිකයක් වත් ඒ අයට නැහැ අපේ ආණ්ඩුව කාලයේ ඒ වෙනුවෙන් කාර්යාලයක් විවෘත කළා.එය අතුරුදහන්වූවන්ගේ තොරතුරු සොයා බැලීම සඳහා. ඒ වැඩපිළිවෙළ මේ රජය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. උතුරේ ජීවිත හානියට අමතරව තවත් විශාල දේපල ගොඩනැගිලි හානි සිදුවුණා. අපේ රජය කාලයේ එයට තවත් කාර්යාලයක් වන්දි ගෙවීම සඳහා විවෘත කරා .2021 අයවැයේදී මුදල් ඇමතිතුමා මුදලක් වෙන්කරත් එය සොච්චම් මුදලක්. අලුත් මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලනවා සාධාරණයක් කරන්න කියලා. යුද්ධය නිසා උතුරේ හෝ දකුණේ තමුන්ගේ දේපළ හානි වුණා අයට වන්දි ගෙවන්න ලබන අය වැයෙන් මුදලක් වෙන් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ඒ වගේම සංහිඳියාව ඇති කරන්නත් අපි කාර්යාලයක් විවෘත කරා එහිදී උතුරේ ශිෂ්‍යයන් දකුනට යනවා දකුණේ ශිෂ්‍යයන් උතුරට යනවා එහිදී එකිනෙකාගේ භාෂාවන් තේරුම් ගැනීම සංස්කෘතීන් තේරුම් ගන්න එක එවැනි විශාල වැඩපිළිවෙළක් කරගෙන ගියා. එය ශක්තිමත් කරන්න කියලා මෙය රජයෙන් ඉල්ලා සිටිනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් එය පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් ආණ්ඩුවක්. ජනාධිපති කෙනෙක් ඉන්නවා. පාර්ලිමේන්තුවක් තියෙනවා ඒ වගේම ස්වාධීන අධිකරණ තියෙන්න ඕන ඒකටයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එහිදී මේක උතුරේ අයට ඇඟට දැනෙන විදිහට කරගෙන යා යුතුයි. අපේ ජාතික ගීයේ තියෙනවා “එක මවකගේ දරු කැල බැවිනා කියලා” ඇත්තටම එය ක්‍රියාත්මක කළ යුතුයි.
ප්‍රශ්නය-
ආණ්ඩුව භාණ්ඩ 17ක පාලන මිල ඉවත් කරනවා එය භාන්ඩ මිල අඩු වෙයි කියලා හිතලා කරන දෙයක්ද?
පිළිතුර –
ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙනවා එක පැත්තකින් මිල පාලනය කරන්න ඕන ආදායම ඉහළට ගිහින් නැහැ කාගෙවත් පඩි ඉහලට ගිහින් නැහැ අපේ ආණ්ඩුව ඉවත් වුණාට පස්සේ රාජ්‍ය සේවකයාගේ පඩි ඉවත් ඉහලට ගිහින් නැහැ කිසිම අයගේ පඩි ඉහලට ගිහින් නැහැ එහිදී ආදායම ඉහළට ගිහින් නැත්නම් බඩු මිල ඉහලට යනවනම් නිවාර්යෙන්ම ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා.
මිල පාලනයක් තිබුණේ ඒ හේතුව නිසා හැබැයි ඕක අයින් කරාට තව දෙයක් පැහැදිලියි සල්ලි තිබුණත් බඩු නැහැ .ඊයේ ගිහින් බැලුවා නම් ලංකාව වටේ තිබුන ගෑස් පෝලීම් ටික මිනිස්සු ගෑස් ගන්න හදනවා සල්ලි තිබුණත් බඩු නැහැ ඒ නිසා තමයි අවම මිල ඉවත් කරගෙන යන්නේ . මොකද ඊට වැඩිය ලොකු අර්බුදයක් ඉස්සරහට යනවා මිල ඉහළ යන එක ප්‍රශ්නයක් නමුත් ඊට වැඩිය ප්‍රශ්නයක් භාණ්ඩ හිඟ උනොත්.
අද පෝලිම් නැති තැනක් හොයාගන්න නැහැ. ගෑස් පෝලිම භූමි තෙල් පෝලිම කිරිපිටි පෝලිම ඔය ආහාරවලට එක් එක පෝලිම් නමුත් දැන අන්තිමට තියෙන පෝලිම රට අතහැරලා යන පෝලිම. පාස්පෝට් ගන්න දහස් ගණනන් පෝලිමේ මම හිතුවා කොළඹ විතරයි කියලා දකුණේ තියෙනවා කාර්යාලයක් තියෙනවා එතනත් විශාල පෝලිමක් මේකෙන් පේනවා මේ ආණ්ඩුව තියලා තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තරුණ පරපුර හිතනවා මෙහේ ඉඳලා හරියන්නේ නැහැ පිටරට ගිහිල්ලා හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් කියලා.
ප්‍රශ්නය-
පිටරටින් ගේන හාල් සඳහා තිබුණු බද්ද සත 25 ට අඩු වෙනවා ඩොලර් නැත්තම් බදු අඩු කරල හරි ගේන්න ඕන නේද.
පිළිතුර-
මෙතන තියෙන ප්‍රශ්නය බදු අඩු කරොත් ගේන්න පුළුවන් කියන එක බඩු ගෙනල්ලා රුපියල් තිබුනත් ව්‍යාපාරිකයාට එය ගෙවන්න ඕන ඩොලර්වලින් එතකොට ව්‍යාපාරිකයන් බැංකුවට යනවා එහිදී බැංකුවට ප්‍රශ්නයක් තියෙනවා එය ඩොලර් නැති එක එහිදී බැංකුව විසින් මහ බැංකුවට දැනුම් දෙනවා නමුත් කරන දෙයක් නැහැ මහ බැංකුවෙන් ඩොලර් නැහැ ප්‍රශ්නය තියෙන්නේ මහ බැංකුවේ ඩොලර් නැති එක. ලංකාවේ තිබෙන විදේශ විනිමය ඩොලර් බිලියන 7 කින් පහල බැහැලා ලංකාවේ ආනයනය මාසෙකට ඩොලර් බිලියන 1.5 යි එහිදී මාසයක පමණ තමයි විදෙස් සංචිත තියෙන්නේ ඒ බොහොම භයානක දෙයක්. එම නිසා මූඩි ආයතනය බජට් එකට කලින් ලංකාවේ ශ්‍රේණිගත කිරීම තවත් පහලට දැම්මා තවදුරටත් එම ශ්‍රේණිගත කිරීම් පහළට දැම්මොත් ලංකාවයි බංකොලොත් කියන එක ඩොලර් නැහැමයි කියන තැනට පත්වෙනවා.
ප්‍රශ්නය-
ඩොලර් නැති නිසා පිටරටෙන් බඩු ගෙන්න බැරි නම් ලංකාවේ ඇති වෙන්න හාල් තියෙනවා එය හොඳින් කළමනාකරණය කරන එක නෙමෙයිද?.
පිළිතුර-
ආණ්ඩුව තමයි නැති ප්‍රශ්නයක් ඇති කෙරේ. සුනාමියක් ආවම ඒක ස්වාභාවික ප්‍රශ්නයක් අපිට මොනවත් කරන්න බැහැ ජීවිත නැති වුණා දේපල නැති වුණා ධීවර කර්මාන්තයට ප්‍රශ්නය ඇති වුණා එය අපි ඇතිකර දෙයක් නෙමෙයි ස්වභාවයෙන් ඇති වෙච්ච දෙයක් එයට අපි මුහුණ දෙන්න වෙනවා නමුත් මේ රජය කෘෂිකර්මයට මොනවද කරල තියෙන්නෙ සුනාමියක් ආවේ නැහැ රජය ප්‍රශ්නයක් ඇති කළා හොඳට ගොවියෝ ඒ අයගෙ වැඩ කරගෙන ඵලදාව ඇති කරගෙන යන වෙලාවේ එකපාරම අපි රසායනික පොහොර දෙන්න නැහැ කිව්වා අපි එය නතර කරනවා කිව්වා ඒ අය නැති ප්‍රශ්නයක් ඇති කළා අද රටේ කොහේ ගියත් පිට පේනවා රූපවාහිනියෙ හැමතැනම දිගට හරහට ගොවින් පෙළ ගැහිලා අස්වැන්න ප්‍රශ්නයක් තියෙනවා වල්පැළෑටි අස්වැන්නට බාධා කරනවා. විශේෂඥයන්ට ඇහුම්කන් නොදී කරපු වැඩක් හිතාගන්න බෑ මේ රට පාලනය කරන්නේ නොදැනුවත් කමින් වගේම එහිදී නිගමනයකට එන්න වෙනවා මෝඩකම නිසා බව මෝඩ කමට විසදුමක් නැහැ.
මේ රජය දෙසැම්බර් මාසයේ කිව්වේ පාස්කු ප්‍රහාරයට මහමොලකරු වෙන් ඉන්නවා කියලා එම කොමිෂන් සභාවේ වාර්තා අද කෝ නීතිපතිට එය යවන තියනවා හිටපු නීතිපති තුමා යම්කිසි සැකයක් ඇති කරලා තියෙනවා මේ වාර්තාවන් මීට වැඩිය ගැඹුරු ප්‍රශ්නයක් කියන එක එහිදී අප දැන් වෙනකන් දැකලා නැහැ සාධාරණත්වයක් වෙනවා නමුත් රට වටේම ගිහින් කිව්වා බැදුම්කර වංචාවක් තිබුණා එයට පසුගිය රජය වගකියන්න ඕන කිව්වා මම අහන්නේ අද වෙනකන් ඇයි බැඳුම්කර වංචාවේ හොරු ඉදිරිපත් කරලා නැත්තෙ. රට වටේ ගිහින් ඕක කියලා තමයි ඡන්දෙ ගත්තේ .ඇයි පාස්කු ඉරුදින ප්‍රහාරය අද වෙනකන් හොයලා බලන්න නීතිමය ක්‍රියාමාර්ග හරහා දඬුවම් දීලා නැත්තේ ඇයි කියලා .







