කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරියක වූ සොහාරා බුහාරිට එරෙහිව එම ප පක්ෂය විසින් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග අනුමත කරමින් ඇයගේ මන්ත්‍රී ධූරය ඉවත් කරන අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කර තිබේ.
පළාත් පාලන මණ්ඩලයේ අයවැය ඡන්ද විමසීමේදී පක්ෂයේ උපදෙස් නොතකා ජාතික ජනතා බලවේගයට (NNP) පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව මුස්ලිම් කොංග්‍රසය විසින් ඇයට එරෙහි විනය පරීක්ෂණය ආරම්භ කරනු ලැබීය. අනතුරුව ඇයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරනු ලැබුවේය.
ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්, ජනාධිපති නීතිඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග පැනවුයේය.
පක්ෂ සමාජිකත්වය තහනම් කිරීමත් සමග ඇයට නාගරික මන්ත්‍රී ධූරය අහිමි වී ඇති ආකාරය ගැසට් මගින් ප්‍රකාශ වූ හැටි පහත දැක්වේ. 







