සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕමානයට එරෙහිව  ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයක්!

by editor
පෙබරවාරි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අයර්ලන්තයත් එක්ක දිනුම්ය. ඕමානය එක්ක හොඳටම දිනුම්ය. ඒත් තවම ලෝක කුසලානයේ හරි තරගයක් පටන් ගත්තේ නැත.  ඒ නිසා මේ ගහන ගැහිල්ල ගැන සතුටක් තිබුණත්  ඉදිරියේ  ඇති තරග අතර මහ දෙයක් කරනු ඇතැයි යන්න පිළිබඳව පොදුවේ රටට ලොකු විශ්වාසයක් නැත. මේ සටහන තබන්නේ ඒ ඇත්ත අවංකවම ලියා තබලාය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවති කණ්ඩායම් මට්ටමේ තරගයක දී  ඕමානය ලකුණු 105කින් පරදා විශාල ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද  සාර්ථක වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ද තමන් සතු කරගත්හ.

කාසියේ වාසිය දිනූ ඕමාන කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. පන්දුවට  පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 225ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළහ. මෙය ශ්‍රී ලංකාව විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.

පැතුම් නිශ්ශංක ලකුණු 13කට සහ කමිල් මිෂාර ලකුණු 08කට දැවී ගොස් ලකුණු පුවරුව ලකුණු 42ට කඩුළු 2ක් ලෙස සටහන් වී තිබෙද්දී කුසල් මෙන්ඩිස් හ පවන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ ස්ථාවරයක තැබීමට සමත් විය.  කුසල් මෙන්ඩිස් පන්දු 48කදී ලකුණු 61ක් රැස් කළ අතර, මැදපෙළ පිතිකරු පවන් රත්නායක පන්දු 28කදී වේගවත් ලකුණු 60ක් ලබා ගත්තේය.  තුනවන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදනා අතර ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 94කි.

මෙම ඉනිමෙහි කැපී පෙනෙනම පිතිහරඹය දියත් කළේ  නායක දසුන් ශානකය. ඔහු පන්දු 19කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී රැස් කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව අලුත් කළේය. මින් පෙර එම වාර්තාව තිබුණේත් දසුන් ශානකගේ නමටය.  ශානක සහ කුසල් මෙන්ඩිස් එක්ව ඉනිමේ අවසන් පන්දු වාර 5 තුළදී ලකුණු 66ක්  උදුරා ගැනීමට සමත් වූහ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පන්දු යැවීමේ දී ඕමානය වෙනුවෙන් ජිතෙන් රාමනන්දි කඩුළු 02ක්,  සුෆියාන් මහ්මුද් සහ ජායි ඔඩෙඩ්‍රා කඩුල්ලක් බැගින් ලැබූහ.

ලකුණු 226ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස් කරගත හැකි වූයේ කඩුලු 7කට ලකුණු 120ක් පමණි. ආරම්භක පන්දු යැවූ දුෂ්මන්ත චමීර සිය ප්‍රථම  ඕවරයේ දීම  කඩුල්ලක් දවාගනිමින් ඕමාන පසුබැස්ම ආරම්භ කළේය.

වනිඳු හසරංගගේ අඩුව මැනවින් පුරවමින් ක්‍රියාත්මක වූ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන්නා වූ  මහීෂ් තීක්ෂණ පන්දු වාර 4ක් යවා ලකුණු 11කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. එය මෙවර ලෝක කුසලානයේ මෙතෙක්  පන්දු වාර 4ක් යවා වාර්තා වූ ලකුණු ගණනක් ලබා දුන් පන්දු යැවීම ලෙස සටහන් විය.

ඕමානය වෙනුවෙන් මොහොමඩ් නදීම් ලකුණු 50ක් රැස් කළේය. , ඒ අනුව විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස් කළ වයස්ගතම ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක් විය.  නදීම්ගේ දැන් වයස  අවුරුදු 43 යි දින 161කි.  ඔහු ලකුණු 53ක් ලැබුවේ නොදැවීය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, කඩුළු 02 බැගින් ද, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, කමිඳු මෙන්ඩිස් කඩුල්ල බැගින් ද ලැබූහ.  තරගයේ වීරයා  බිඳ වැටුන ශ්‍රී ලංකා ඉනිමට කර ගසා පන්දු 28ක දී ලකුණු 60ක් රැස් කළ පවන් රත්නායකය ය.

යළිත් වරක් ලියා තැබිය යුතුව ඇත.  ඕමානයට එරෙහිව නම් ශ්‍රි ලංකා කණ්ඩායම දැන් දිනුම්ය. මේ ලෝක කුසලානය තුළ ඇෆ්ගනිස්ථානය පමණක් නොව, නේපාලය වැනි රටවල්ද දක්වන සටන්කාමී අත් නොහරින ක්‍රීඩා විලාශය මවිත කරවන සුලු බව ලියා තැබිය යුතුය. ඇත්ත තරග තවම පටන් ගත්තේ නැති නිසා අප කුල්මත් වීමට ඉක්මන් නොවන බව ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක සාම පා ගමනේ වඩින සිල්වත් භික්ෂූන් වහන්සේ වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හරසරින් පිළි ගනී!

Next Post

මාලිමාවට ඡන්දය දුන් කොළඹ මහ නගර සභා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ගැසට් පත්‍රය නිකුත් වෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.