දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කිරීමට නියමිතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගේ එම මාරුව ජාතික පොලිස් කොමිසම විසින් අවලංගුකර ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම මාරු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරියට ලියූ ලිපිය හා ජාතික පොලිස් කොමිසම වෙත කරන ලද පැමිණිල්ල සලකා මෙලෙස ඔහුගේ මාරු කිරීම අත්හිටුවා ඇති අතර ඔහු විසින් නගා ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ද තීරණය කර ඇති බව සඳහන් වෙයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන් හත් දෙනෙක් පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ස්ථාන මාරු ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරියගේ නියෝග අනුව පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබිණි.
එසේ වුවද, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ට මෙලෙස ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයෙකු මාරු කිරීමට නෛතික බලයක් නොමැති බව පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (25) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලකට තවදුරටත් දන්වා තිබුණේ එවැනි අනීතික නියෝග පිළිපැදීමට තමන් බැඳී නොමැති බවයි.
ඔහු මේ පිළිබඳව අද (26) අද පොලිස් කොමිසම ද දැනුවත් කර ඇති අතර ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් කරන ලද නියෝග ප්‍රකාරව සැලසුම් කර තිබූ මාරුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
මේ ලිපිත් කියවන්න….