සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

SDIG අජිත් රෝහණ ටිරාන්ගෙන් කෙළින්ම ගේම ඉල්ලයි… ටිරාන්ගේ මුග්ධ හැසිරීම ගැන පොලිස්කොමිසමට ලිඛිතව දන්වයි!

එක් SDIG කෙනෙක් රකින්න අපව වටේ යවන ඇමති ටිරාන්ගේ තීරණ හිතුවක්කාරයි... අසාධාරණයි... ද්වේශ සහගතයි... SDIG අජිත් රෝහණ පොලිස් කොමිසමට ලියයි....

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට මාරු කර යැවීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී එම ස්ථාන මාරුව පොලිස් කොමිසමේ ආවරණ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කිරීමට   මහජන ආරක්‍ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස්  ගෙන ඇති තීරණය දේවේෂ සහගත, හිතුවක්කාර සහ අසාධාරණ එකක් බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත.  

ඔහු පොලිස් කොමිසමට ලිඛිතව දන්වන්නේ ඇමතිවරයා තමන් වෙත මෙම ද්වේෂ සහගත බලපෑම සිදුකරනු ලබන්නේ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ආරක්ෂා කරගැනීමට බවය.

අමාත්‍ය  ටිරාන් අලස් පසුගිය අප්‍රේල් 18 වැනි දින සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සඳහා  රැස්වීමක් පැවැත්වූ අතර එහිදී පොලිස්පතිවරයාගේ  උපදෙස් මත තමන් විසින් සකස්කරන ලද    ලිපියක් සම්බන්ධයෙන්  අමාත්‍යවරයා තමන්ට  තරවටු කළ බව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා    පොලිස් කොමිසම දැනුවත් කර තිබේ.

තවද  අනාගත  පොලිස්පති ධූරය සම්බන්ධව සයිබර් අවකාශයේ ප්‍රචාරවන යම් යම්  සමාජ මාධ්‍ය වාර්තා පිළිබඳව ද අමාත්‍යවරයා  තමන්ට චෝදනා කර ස්ථාන මාරුවක් සිදුකරන බවට  ඉඟි ලබා දුන් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.

අදාල රැස්වීමෙන්  පසු ඔහුව අමාත්‍ය ටිරාන් අලස්ගේ කාර්යාලයට ගෙන්වා තමන් යටතේ ඇති   දකුණ පලාත නීතිය හා සාමයේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව දන්වා සිටියේ යැයිද  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ලිඛිතව දන්වන්නේ      අමාත්‍යවරයා නිවැරදිදැයි බැලීමට     අපරාධ, වෙඩි තැබීම්, මිනී මැරීම් සහ පොලිසියට සම්බන්ධ ක්‍රියාකාරකම් ප්‍රමාණ  අරභයා දකුණු පළාත සහ බස්නාහිර පළාත අතර සන්සන්දනාත්මක ඇගයීමක් කර බැලීමට ජාතික පොලිස් කොමිසමට   ආරාධනා කරන බවය.

“ඇමතිවරයා මේ සියලු ද්වේශ සහගත ක්‍රියා කරන්නේ අපට හිරිහැර කිරීමට සහ එක්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙක්   ආරක්ෂා කිරීමටය.”

“එබැවින්, ජාතික පොලිස් කොමිෂන් සභාව මගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් ද්වේශසහගත නිර්දේශ අනුමත නොකර මේ  සම්බන්ධයෙන් මගේ ගැටලුව සොයා බලන්නේ නම්  කෘතඥ වෙමි.”

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොමිසමෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් කොමිසමට යැවූ ලිපිය…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07ක් වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කරයි…

Next Post

මෝදර මත් පෙති ෆැක්ටරි නිශ්පාදන අලෙවි කළ ප්‍රධාන අලෙවිකරුගේ ගබඩාව වටලයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.