ශ්‍රියානි විජේසිංහ –
මෝදර ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව මත්පෙති නිෂ්පාදනය කළ පුද්ගලයාගේ ප්‍රධාන අලෙවිකරුගේ වත්තල පිහිටි ඖෂධ ගබඩාව ජාතික ඖෂධ නියාමස අධිකාරියේ නිලධාරීන් විසින් අද 925) පරික්ෂාවට ලක් කළ අතර එහි තිබී සිරප් , වේදනානශක ආලේප, සහ පෙති විශාල ප්‍රමාණයන් සොයා ගත් බව අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරික්ෂක අමිත පෙරේරා සඳහන් කළේය.
මෙම සිරප් වර්ගය ආහාරමය අතිරේකයක් ලෙස වෙළඳපලට නිකුත් කර ඇති බව කරන ලද ප්‍රශ්නකිරීම්වලදී හෙලිව ඇත.
කෙසේ නමුත් මෙය ආහාරමය අතිරේකයක්ද ඖෂධයක්ද යන වග සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය වෙත නියැදි කීපයක් යොමු කළ බව හෙතෙම පැවසුවේය.
මෙම සිරප්වර්ගය ආහාරමය අතිරේකයක් වන්නේ නම් ඒ පිලිබඳව නීතිමය කටයුතු සිදුකිරීමට ඖෂධ අධිකාරියට බලයක් නොමැති නමුත් ඖෂධයක් නම් පමණක් නීතිමය කටයුතු සිදුකළ හැකි බව අමිතපෙරේරා කීවේය.
මොහු විසින් නිෂ්පාදනය කළ සිරප්, පෙති, ආලේපනයන්, ඇතුළු සියලුම නිෂ්පාදනයන් විශාල වශයෙන් බෙදා හැර ඇත්තේ කඳුරට ප්‍රදේශයට බවද හෙලිව ඇත.
වෛද්‍ය ඉංජිනේරුවෙකු වන මෙම පුද්ගලයා ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූවෙකි.
මෝදර ප්‍රදේශයේදී මත්පෙති විශාල තොගයක් සමග ඔහු ඊයේ (24) අත්අඩංගුවට පත්විය.