දිනසේන රතුගමගේ –
යාපනයේ ගොවිපල් පාරේ ස්ථාපිත කොට ඇති නාගපූෂණී අම්මාන් දේව රූපය නිසා මාර්ග අනතුරු සිදුවන බැවින් එය ඉවත් කිරීමට අවසර ඉල්ලා යාපනය පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම යාපනය මහේස්ත්‍රාත්වරයා වීසින් 16 දා නිෂ්ප්‍රභා කොට තිබේ.
පොලීසිය මෙම දේව ප්‍රතිමාව එම ස්ථානයේ ඉදි කරණ තුරු නිහඩව සිට මේ අවස්ථාවේදී එය ඉවත් කිරීමට අවසර ඉල්ලීම සදාචාරායට පටහැනි බවත් එම ප්‍රතිමාව ඉවත් කිරීමට මේ අවස්ථාවේදී අධිකරණය අවසර ලබා දීම පළාතේ ජනතාව අතර සාමය සමගිය හා ආගමික සහජීවනය බිඳ වැටීමට හේතුවක් විය හැකි බවද පොලීසියේ ඉල්ලීම ගැන තීන්දුව ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
මාර්ගයේ ඉදිකළ යම් ආගන්තුක වස්තුවක් නිසා මාර්ග අනතුරු සිදු වේ නම් ඊට මුලින්ම විරුද්ධ විය යුත්තේ පොලීසිය නොව මාර්ග සංවර්ධන අධිකාරියත් නගර සභාවත් බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පොලීසියේ ඉල්ලීමට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා ඇතුළුව නීතිඥවරු කීප දෙනෙකුම පෙනී සිටිය







