අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබෙන් පැන්න හැරිසන්   සජිත්ට “ගහන්න” ගනී… ජෙරොම් දේවගැතියා ගැන සජිත්ගේ මතය අසයි!

by editor
මැයි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ   උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී මීට දින තුනකට පෙර එම පක්ෂය හැරදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වූ    පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විවචෙනය කරමින් අද (17) පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේය.

ඔහු එම පුවත්පත් සාකච්ඡාව කැඳවා ප්‍රකාශ කලේ රටේ බොහෝ වගකිවයුතු නායකයින්, ආගමික ප්‍රධානීන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදු දහමට කළ අපහාසය පිළිබඳව සිය මතය ප්‍රකාශ කළ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එවැනි මතයක් ප්‍රකාශ නොකිරීම පසුපස ජෙරොම් ප්‍රනාන්දු සහ ඔහු අතර යම් ගනුදෙනුවක් ඇතිදැයි සැක සිතෙන බවය.

ඔහු මේසේ ප්‍රකාශ කළේය.

“ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයෙකු විසින් බුදුන්වහන්සේට අපහාස කරමින් ආගමික සංහිඳියාවට හානිවන අයුරින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම රටේ විවිධ අය තමන්ගේ මත ප්‍රකාශ කර තිබුණා.”

‍”ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේත් විවිධ අය මත පළ කරමින් විවේචනය කර තිබෙනවා අපිට දකින්න පුලුවන් වුණා. මේ සිදුවීම ඉතාමත් ඉක්මනින් රට පුරා පැතිර ගියා. පසුව ජනාධිපතිවරයාත් මේ සම්බන්ධව අදහස් දක්වා තිබුණා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“වගකීම් විරහිත ප්‍රකාශ සිදුකිරීම නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාළ දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. “

“රට පුරා විවිධ ආගමික නායකයින් මේ සම්බන්ධයෙන් මත පළ කර තිබුනා. මේ මොහොත වන විට ඔහු රටින් පැන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් රට පුරා මහජනතාවගේ ප්‍රධාන මාතෘකාවක් වූ මේ පුද්ගලයා පිළිබඳව අපේ හිටපු නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නොපෙනුනේ ඇයිද කියා මා එතුමාගෙන් ප්‍රශ්න කර සිටිනවා.”

“එතුමා සෑම විටම පවසන්නේ තමන් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතා නායකයෙක් යනුවෙන්. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එතුමා කැප වෙනවා කියලත් එතුමාම කියා ගන්නවා. “

“නමුත් මෙවැනි ප්‍රකාශ සිදුකර රටේ ජාතික සමගියට බාධාවක් ඇතිකරන අය ගැන එතුමා දන්නේ නැහැ. එතුමා ඒ ගැන මුණිවත රකිනවා. “

“කොහොම නමුත් මේ සෑම දේකින්ම අපිට හොඳට පැහැදිලි වෙනවා එතුමාට කිසිම විටකින් රට හෝ මහජනතාව ආරක්ෂාව කිරීමට උවමනාවක් නැති බව. එතුමාට අවශ්‍ය කරන්නේ තමන්ගේ අවශ්‍යතා වුවමනා මුදුන්පත් කර ගැනීම පමණයි. එතුමා පුරසාරම් දොඩන්නේ තමන් වෙනුවෙන්. වේදිකාවල නැගලා මහ හයියෙන් ජනතා නායකයා කියා තමන් විසින්ම කියා ගත්තාට එතුමා රට තුළ සිදුවන දේවල් පිළිබඳවත් අවබෝධයක් නැති බව අපට පේනවා. “

“එහෙම නැතිනම් මේ ජෙරම් ප්‍රනාන්දු කියන අයත් සමඟ විපක්ෂ නායකතුමාගේ මොනයම් හෝ වෙනත් සබඳතාවයක් තියෙනවාද යන්න කියලත් අපිට දැන් සැකයක් ඇති වී තිබෙනවා. ඔහු මේ ගැන වහාම රටේ මහජනතාව දැනුවත් කළ යුතුයි. “

“කෙසේ හෝ ඉතාමත් ඉක්මනින් ජෙරම් ප්‍රනාන්දු යන අය පිළිබඳව තමන්ගේ සහ තමන්ගේ පක්ෂයේ ස්ථාවරය රටේ මහජනතාවට ඉදිරිපත් කරන ලෙස මම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මේ මොහොතේදී ඉල්ලා සිටිනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාර්ග අනතුරු සිදුවන නිසා දේව ප්‍රතිමාවක් ඉවත් කරන්න අවසර දෙන්නැයි යාපනය පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ඉවතලයි!

Next Post

සහරාන් බෝම්බයෙන් කළ දේ පාස්ටර් ජෙරොම් කරන්නේ වචනවලින්… මේ පුපුරා යෑම අවශ්‍ය කාටද කියලා හොයන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.