සුමිත් පොතුපිටිය –
අඹුසැමි යුවලක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් ලොරියක ගැටී සැමියා මියගොස් බිරිය රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 33 හැවිරිදි වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී පුද්ගලයෙකි.
මාංශ සඳහා කුකුළන් රැගෙන කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගත් ලොරි රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීවිල් රථය හා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුව ත්‍රීවිල් රථය මීටර් තිහක් පමණ ඉදිරියට ඇදී ගොස් විදුලි කණුවක සහ ලොතරැයි කූඩුවක ගැටී ඇති බව පොලිසිය කීය.
ලොරි රථ රියදුරු පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදුකරන බව පොලිසිය සදහන් කරයි.
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.







