මානව හිමිකම් කොමිසමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
මහජන විරෝධතා ගොඩනැගෙමින් තිබෙන පසුබිමක ඒවා පාලනය කිරීම සඳහා හදිසි නීතිය පැනවීමේ සුදුසුදැයි විමසා බැලීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ජා කිරීමේ අරමුණින් මෙම විශේෂ හමුව පැවැත්වෙන බව එහි සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ සඳහන් කළාය.
එම කොමිසම සඳහන් කළේ, නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පසුගියදා රාත්‍රි පැවති මහජන විරෝධතාවයට සම්බන්ධ වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමිපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
මෙම සිදුවීමට අදාළව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අද දිනයේ පැවැත්වෙන විශේෂ රැස්විමේදී සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය කියයි.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඕනෑම මොහොතක සිය කොමිසම පෙනි සිටින බව ද මානව හිමිකම් කොමිසම අවධාරණය කළේ ය.