මහවැලි ගඟේ දිය නෑමට ගිය අලුත විවාහ වූ යුවළක් දියේ ගිලී මිය ගොස් ඇති බව තෙල්දෙණිය පොලිසිය පවසයි.
ඔවුන්ගේ පදිංචිය තිහාරියේය. අවුරුදු 24 හා 22 වයස්වල පසුවන මෙම යුවල දිය නෑම සඳහා දිගන ප්රදේශයෙන් ගඟට බැස ඇත.
මේ වනවිට තරුණ බිරියගේ මළ සිරුර සොයාගෙන තිබේ. සැමියාගේ මළ සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් මෙහෙයුමක් දියත් කර තිබේ.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.