දින කීපයක් ඇතුළත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී දෙවන පිහි ඇනුම් සිද්ධියක් වාර්තා වේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිඩ්නි නගරයේ දේවස්ථානයක් තුළය. ප්‍රහාරය පූජකවරයෙකු ඇතුළු සිව් දෙනෙකුට එල්ල වී තිබේ.
මෙම සිදුවීම අද ඔස්ට්‍රේලියාවේ දේශීය වේලාවෙන් රාත්‍රී 7.15 ට (GMT 9.15 ට) වේක්ලි හි Christ The Good Shepherd පල්ලියේදී සිදු වී ඇත.
පල්ලියේ යූ ටියුබ් පිටුවේ සජීවීව විකාශය වූ සිද්ධියේ දර්ශන අනුව පූජාසනය වෙත ළඟා වන මිනිසෙකු විසින් පල්ලියේ පූජ්‍කවරයාට පහර දුන් බව පෙන්නුම් කරයි. ප්‍රහාරයෙන් බැතිමතුන් තිදෙනෙකුට ද තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. පහත දැක්වෙන්නේ පූජකවරයාට ප්‍රහාර එල්ල වු ආකාරයයි.
නිව් සවුත් වේල්ස් පොලීසිය පැවසුවේ, සිද්ධිය පිළිබඳව ලැබූ තොරතුරු නිලධාරීන් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
මෙම සිද්ධිය පැමිණෙන්නේ සිඩ්නි හි වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දිය සාප්පු මධ්‍යස්ථානයේ පුද්ගලයන් හය දෙනෙකුට මරු කැඳවමින් සිදුකළ පිහි ඇනුමෙන් දින කිහිපයකට පසුවය.
නිව් සවුත් වේල්ස් පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසුවේ “පිහි ඇනුම පිළිබඳ වාර්තාවලින් පසු වේක්ලි හි පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
පුද්ගලයින් ගණනකට පිහියෙන් ඇන ඇති බවට ෆෙයාර්ෆීල්ඩ් සිටි පොලිස් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට වාර්තා වීමෙන් පසු ඔවුන් වේක්ලි, වෙල්කම් ස්ට්‍රීට් හි Christ The Good Shepherd දේවස්ථානයකට ගසේ ඇත. නිලධාරීන් විසින් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පරීක්ෂණ සඳහා පොලිසියට සහය වේ.
අතුවාල වූ පුද්ගලයින්ට ජීවිත තර්ජනයක් නැති බව අතර නිව් සවුත් වේල්ස් ගිලන්රථ පරිපූරක වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර සිදුකර තිබේ. ප්‍රදේශයට ඇතුළුවීමෙන් වළකින ලෙස ප්‍රජාවගෙන් ඉල්ලා ඇත. පහර කෑ පූජකවරයාට ප්‍රතිකාර කරන ආකාරය පහත දැක්වේ.