දැඩි රුධිරය හිඟය මේ අයුරින් පැවතුනොත් මහනුවර ජාතික රෝහලේ ලේ බැංකුව තව දින දෙකකින් වසා දමන්නට සිදුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ශල්‍ය උපකරණ සහ ඖෂධ හිඟ වී අතිශය දුෂ්කර අඩියට වැටී ඇති රෝහලේ රුධිරය හිඟවීම නිසා බරපතල තත්ත්වයක් උද්ගත වී ඇති බව ද වාර්තා වේ.
සාමාන්‍යයෙන් දිනකට මිලි ලීටර 500 රුධියර පැකට් 500ක රුධිර අවශ්‍යතාවයක් මහනුවර ජාතික රෝහලේ පවතින බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ රුධිරය හිඟය උග්‍ර බවය. මේ අවස්ථාවේ ලේ පොදක් දන් දීමට ඉදිරිපත් වන ලෙස පොදු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවය.







