අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාව අයි.එම්.එෆ් ගියාම චීනයට    පත්තු වුණේ ඇයි?

by editor
අප්‍රේල් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව මේ වනවිට පත්ව ඇත්තේ මහත් අසීරු තත්ත්වයකටය. එයට හේතුව ඩොලර් ණය ඉල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය ශ්‍රි ලංකාවට එය ලැබීම පිළිබඳ ව බලාපොරොත්තු ටිකක් ඈතට යාමය.

මේ රටේ පොදු මහජනතාව පවා දෑස් දල්වා සිටියේ මූල්‍ය අරමුදලට ගිය සැණින් අමාත්‍ය අලි සබ්රි සල්ලි මල්ල කරේ දමාගෙන එනු ඇතැයි කියාය.  එහෙත් එය එසේ වන්නේ නැත. මුදල් අමාත්‍ය අලි සබ්රි  පවසන ආකාරයට අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ ණය ලබා ගැනීමට නම් තව මාස නවයක් වසරක් වැනි කාලයක්  ඉවසිය යුතුව ඇත. ශ්‍රි ලංකාව ඉල්ලන්නේ කෙටි කාලීන ව පවතින අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයකි. එහෙත් මේ ණය මුදල දෙන්නට සමත් පිරිවිතරයන් ශ්‍රි ලංකාව සම්පූර්ණ කර නැත.

ඉන්දියාවේ පිහිට

මේ තත්ත්වය මත ශ්‍රි ලංකාවට වෙනත් ණය ආධාර ලබා ගැනීමට සිදුව ඇත. ඒවා හුදෙක් ශ්‍රි ලංකාවට හිතවත්කම් දක්වන මිත්‍ර රටවලන් ලබා ගන්නා අත මාරු ණය ය. හේතුව ණය වර්ගීකරණය අතින් ලෝකය ඉදිරියේ සවුත්තු වී ඇති ශ්‍රි ලංකාවට ණය දෙන්නට කවුරුවත් ඉදිරිපත් නොවීමය.

අලි සබ්රි අමාත්‍යවරයාට පැවරෙන ලොකුම අභියෝගය ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ආනයනවලට වුවමනා ඩොලර් ටික සොයා ගැනීමය. දැනට ඒ සඳහා බලාපොරොත්තු ඇත්තේ කිහිපයක් පමණකි. එකක් ඉන්දියාවෙන් ලැබෙන සහයෝගයයි. මේ වනවිට අවසන් වෙමින් පවතින ඉන්ධන සඳහා ලබා දුන් ඩොලර් මිලියන 500ක ණය මුදල ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර තවත් ඩොලර් මිලියන 500ක් ඉන්ධන සඳහා ලබා දීමට ඉන්දියාව එකඟව ඇත. එසේම අත්‍යාවශය ආහාර සඳහාද මේ වනවිට තවත් ඩොලර් මිලියනයක ණය යෝජනා ක්‍රමයකට ඉන්දීයාවෙන්  ඉල්ලිම් ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට හදිසි ආධාර ලෙස මුදල් ලබා දෙන බවට මේ වනවිට එකඟත්වය පළ කර ඇත. එ අනුව ලෝක බංකුව ඉදිරි කාලය තුල ඩොලර් මිලියන 600ක ආසන්න මුදලක් ලබා දෙන බවට ප්‍රකාශ කොට තිබේ.

චීනය ගැන තිබුණ බලාපොරොත්තුව

ශ්‍රි ලංකාව ඊළඟට අවධානය යොමු කරන්නේ චීනය වෙතය. චීනයත් සමඟ දැඩි නෑකමක් රාජපක්ෂ රජයට තිබිණි. බොහෝ ව්‍යාපෘති කළේ චීනයත් සමඟය.      කොළඹ රථවාහන තදබදය තුරන් කරන මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පසුගිය රජය සමයේ ජපානයට දී තිබියදීත් එය ආපසු උදුරා ගෙන රාජපක්ෂ රජය ලබා දෙන්නට යන්නේ චීනයටය. මෙකී නොකී දැඩි සම්බන්ධතා නිසා මේ වනවිට ශ්‍රි ලංකාව චීනයෙන් ණය මුදලක් ඉල්ලා ඇත. ඒ ඩොලර් බිලියන 2.5කි.   මේ ණය චීනය ලබා දෙන බවට මුලින් ප්‍රකාශ වුණේ ඔවුන්ගේ   ණය ගෙවා දැමීම සඳහාය.  .

නමුත් මේ පිළිබඳව චීනයෙන් ලැබෙන ප්‍රතිචාරය වෙනස්ය. චීනය මේ වනවිට අපට පාට් දමමින් සිටී. එහි පියවර දෙකක් අපට දැකිය හැකිය. එකක් රටේ පවතින තත්ත්වය හමුවේ මුදල් ආධාර ලබා ගැනීමේ සාකච්ඡාවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවීමට ගිය මුදල් ඇමති අලි සබ්රි ශ්‍රි ලංකාවට එනවිටම  ශ්‍රි ලංකාවේ චීන  තානාපති කී සෙන්හොන් කට ඇරීමය. ඔහු එහිදී රඟ පෑවේ අනියම් පෙම්වතියක සොයා ගොස් පැමිණි පෙම්වතකුට තම නියම පෙම්වතිය ප්‍රතිචාර දක්වන   ආකාරයේ භූමිකාවකි.

“ අපි ශ්‍රි ලංකාවට හැම උදව්වක්ම කරන්න බලන් හිටි වෙලාවක ශ්‍රි ලංකාව අයි.එම්.එෆ් ගිය එක ගැන අපට කණගාටුයි. මේ වෙලාවේ  ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන්න තිබුණා. ඔවුන් මේ වනවිට එම අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණයක් කරගෙන. අපට එහි මොකක්ද වෙන්න කියා සමීප ව බලන්න වෙනවා. “ චීන තානපති මේ චෝදනාව කළේ දේශීය විදේශීය මාධ්‍යවේදීන් පිරිසක් ගෙන්වාගෙනය.

චීන්නු තේරුම් ගත යුතු ආකාරය

මේ කතාව රූපවාහිනි ඉදිරියේ  සල්ලිවලට වොයිස් කට් දෙන තක්කඩියන්ගේ කතාවටල සමාන කළ නොහැකිය.

අපේ රටේ  මෙන්  නොව ඉලක්කගත අරමුණු සහිත ක්‍රමෝපායයික රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණයක් සහිත චීනයේ ශ්‍රි ලංකාව නියෝජනය කරන තානාපති කතා කරන්නේ ඔහුගේ රට වෙනුවෙනි. චීන ජනාධිති ෂී ජින්පින් වෙනුවෙනි. ඒ අනුව ඔහු මේ ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රි ලංකාව සම්බන්ධ වීම පිළිබඳව ඔවුන් සතුව පැවැති විරෝධයයි.

මේ විරෝධය චීනය තවත් ආකාරයකින්ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ චීනයේ බීජිං හි විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකයා පසුගිය සඳුදා මාධ්‍යව්දීන් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි. එහිදී මාධ්‍යවේදියා  අසා ඇත්තේ ශ්‍රි ලංකාවට  මේ අර්බුදය මැද පොරොන්දු වූ ඩොලර් බිලියනයක ණය මුදල සහ ඩොලර් බිලියන 1.5ක භාණ්ඩ මිලදී ගැනීම සඳහා වන ණය යෝජනා ක්‍රමය පිළිබඳවය. එහිදි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා ඊට නිශ්චිත පිළිතුරක් දීම වෙනුවට පවසා ඇත්තේ ශ්‍රි ලංකාවට සහ එහි ජනතාවට පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීනයට පුළුවන් ආකාරයට උදව් කිරීමට සූදානම් වන බවය. එය එක්තරා ආකාරයකට වැනෙන පිළිතුරකි.

ශ්‍රී ලංකාවේ ණය අතුරින් ඩොලර් බිලියන 35කට ආසන්න ප්‍රමාණයකට හිමිකම් තියන චීනය මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ විරෝධයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් සියල්ල අවුල් කර නොගෙන චීනය සමඟ මෙම අර්බුදය විසඳා ගත හැකිව තිබූ බව මෙම ප්‍රකාශවලින් ඇඟවෙයි.

චීනය මේ තරම් උනන්දු ඇයි?

කෙසේ වුවද චීනය ශ්‍රි ලංකාවේ ණය සම්බන්ධනේ මේ තරම් උපායයික වන්නේ කවර කරුණක් නිසාද  යන්න බොහෝ  දෙනකුට අවබෝධයක් නැත. එය ඇතැමකුට පෙනෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ශ්‍රි ලංකාංවේ ගනුදෙනු  පාරදෘශ්‍ය භාවයට පත් විම චීනයට මෙමන්ම  ඔවුන්ගේ හිතකර පාර්ශ්වයන් කරදරේ වැටෙන තත්ත්වයක් නිර්මාණය වීම යයි ඇතැමකු අනුමාන කරනු ඇත.

එසේම තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉන්දියාව මේ වනවිට සමීප ව කටයුතු කිරීම මේ විරෝධයට හේතුවක් විය හැකි බවය. ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා උත්සුක වී ක්‍රියා කිරීමද ඔවුන්ගේ කණස්සල්ලට හේතු වී වී ඇතැයි සැලකිය හැකිය.

කොවිඩ් වසංගතය නිසා චීන ආර්ථිකයද මේ වනවිට අවුලකට පත්ව ඇත. එරට ආර්ථිකය හසුරුවන්නන් සහ දේශපාලනය හසුරුවන්නන් අද වැඩි අවධානයක් දක්වන්නේ මේ කෙරහිය. චීනයට ශ්‍රි ලංකාව දරන ණය පිළිබඳව ප්‍රතිව්‍යූහගතකරණයට මෙහා ගිය එකඟතාවක් ගැන චීනයට අදහසක් තිබුණා ද විය හැකිය.

හොඳ හිත පළුදු වීම

කෙසේ වුවද චීනය ශ්‍රි ලංකාව සමඟ මෑත කාලයේ පැවැති හොඳ හිත පළුදු වන්නේ චීනයෙන් පැමිණි පොහොර නැවේ කතාවෙන් පසුවය. මේ පොහොර නැව ප්‍රතිත්ෂේප වීමේදී ජාත්‍යන්තර බේරුම්කරණයක් දක්වා දුර දිග ගිය අතර එම පොහොර මෙරටට එවූ නිෂ්පාදකයා වන ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම වෙනුනේ චීන රජය කොන්දේසි විරහිතව පෙනී සිටියේය. මෙම ගනුදෙනුවේදී එහි වාසිය චීනය පැත්තට හරවා ගැනීම සඳහා ඔහු විසින් කරන ලද අපමණ බලපෑම් හමුවේ අපේ ඇමැතිලා  ඇඹරුණි. ඊට පසු මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තුවක් සඳහා අඩු මිලක් යොදා චීනයේ සුප්‍රකට එම්සීඑසී සමාගමේ අනුබද්ධ සමාගමකට එම ටෙන්ඩරය  නොදීම තවත් ගැටලුවක් බවට පත්විය. මේ සම්බන්ධයෙන්ද ඔවුන් ජනාධිපතිවරයා වෙත චෝදනාත්මක ලිපියක් යැවූහ.

කෙසේ වුවද වසර හැත්තෑ ගණනක මිත්‍රත්වයක් ගැන කතා කරන චීනය මේ මොහොතේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් දක්වන අවධානය ඉතා  වැදගත්ය. එදා මිතුරුකම් පෑ චීනය මේ අසීරු අඩියේදී කෙසේ ක්‍රියා කරනු ඇදදැයි බලාගෙන ඉන්නේ අපේ ජනතාව පමණක් නොවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර ලේ බැංකුවත් වැහෙන ලකුණු… ලේ  පොදක් දන් දෙන්නයි රෝහලින් ජනතාවට ආයාචනයක්…

Next Post

“දේශපාලන ගේම් එපා…“ ජනපතිගේ සර්වපාක්ෂික ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන පක්ෂ කීපයක් ප්‍රතික්ෂේප කරයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.