සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ වෙනත් බලධාරීන් සමග කිසිම සාකච්ඡාවක් නොකිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ කීපයක් තීරණය කර ඇත.
වත්මන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා එම තනතුරුවල සිටිය දී ජනාධිපතිවරයා සමග කිසිම සාකච්ඡාවක් පවත්වා පළක් නොවන බව එම පක්ෂවල ස්ථාවරය වී තිබේ.
සර්ව පාක්ෂික රජයක් සඳහා ආරධනා කරමින් හෙට (29) ජනාධිපතිවරයා මුණගැසෙන්නැයි ජනාධිපතිවරයා කළ ආරාධනයට පිළිතුරු දෙමින් මෙම තීරණයට එළඹ ඇත්තේ ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කීපයකි.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවන්නේ නම් අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු අතර අසීමිත විධායක බලතල කප්පාදු කරමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා යුතු බව ඉහත පක්ෂ සඳහන් කරයි.
රට සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයක ගිලී සිටින මේ මාරක මොහොතේත් බලය රැක ගැනීම සඳහා ගේම් ගසන ජනාධිපතිවරයා අගමැතිවරයා ප්රමුඛ වත්මන් ආණ්ඩුවේ පහත් උත්සාහය හෙළාදකින බව සාකච්ඡාවට සහභාගී නොවන පක්ෂවල ප්‍රධානම නියෝජිතයන් ලංකාසරට පැවසුවේය.
මහපොළොවේ සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු නොසපයා බලය රැකගැනීමට කරන කුමන්ත්‍රණ සඳහා දායක නොවන බව එම පක්ෂ අවධාරණය කළේය.
එහෙත් ජනාධිපතිවරයාගේ ඇරයුමට අනුව සර්වපාක්ෂික රජයක් පිහිටුවීමේ සාකච්ඡාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පක්ෂ 11ක නියෝජිතයින් මෙන්ම ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායම් ඇතුළු තවත් පක්ෂ කීපයක් සහභාගීවීමට තීරණය කර තිබේ.