ඉන්දියාව, බංගලිදේශය සහ අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ රටවල් අතර සිදුකෙරෙන ජාලගත කිරීමේ ව්‍යාපෘති ඉදිරි වසර හතරක කාලය තුළ නිම කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ සමගම නැගෙනහිර ඉන්දියාව සමග තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය සම්බන්ධවීමේ හැකියාව ඉහළ ගොස් ඉන්දියාවේ, නැගෙනහිර ප්‍රාන්තවල සීඝ්‍ර සංවර්ධනයක් හටගනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක වන රිවා ගංගුලි දාස් පැවසීය.
මේ යටතේ, ජාත්‍යන්තර මහාමාර්ග, දුම්රිය මාර්ග සහ ජල මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිවල වැඩ කටයුතු ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.
ඇතැම් බාධාවලින් පසු ඉන්දියාව-මියන්මාරය-තායිලන්තය යන ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ද මේ වන විට යළි ආරම්භ වී ඇති බව පැවසේ.
කිලෝමීටර් 1,360ක් දිග මෙම අධිවේගී මාර්ගය තායිලන්තයේ මායි සොට් හා මියන්මාරය හරහා ඉන්දියාවේ මෝරේ සම්බන්ධ කරයි.
මෙම මාර්ගය කාම්බෝජය, ලාඕසය සහ වියට්නාමය දක්වා ද සැලසුම් කර ඇති අතර එය මෙළෙස නැගෙනහිර දෙසට තවදුරටත් දිගු කිරීම මගින් සමස්ත කලාපයටම සංවර්ධනයක් ගෙන එනු ඇති බව විශේෂඥ මතයයි.