දිනසේන රතුගමගේ
යාපනය මල්ලාකම් අධිකරණය සතුව තිබූ රුපියල් කෝටි දහයක් පමණ වටිනා මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 686 ක් මල්ලාකම් අධිකරණ සංකීර්ණයේදී ඊයේ (09) ගිනි තබා විනාශ කොට තිබේ.
මෙම මත්ද්‍රව්‍ය අතර වැඩි ප්‍රමාණයක් කේරළ ගංජා තිබූ අතර ඊට අමතරව සෙසු මත්ද්‍රව්‍යද තිබූ අතර ඒවා පසු ගිය කාල වලදී යාපනයේ මල්ලාකම් අධිකරණ බලප්‍රදේශය තුළදී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනරුතුව නඩු විභාග අවසන් වූ සිද්ධීන්ට අදාල මත්ද්‍රව්‍ය වෙයි.
මල්ලාකම් අධිකරණයේ නියෝගයකට අනුව එම මත්ද්‍රව්‍ය මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ.එක්ස්.ඇලෙස්ක්ස් රාජා,හා ඒ.ඒ.ආනන්දරාජා කන්කසන්තුරේ මුලස්ථාන පොලිස් පරීක්ෂක කමල් අභයසිරි හා තවත් නිලධාරීන් රැසකගේ අධීක්ෂණය මත අධිකරණයේ කම්කරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලදී.