කීර්ති ප්‍රනාන්දු –
මරණීය තර්ජන එල්ලවී ඇති ආදිවාසී නායක උරු වරිගයේ වන්නිලා ඇත්තන්ට පොලිස් ආරක්ෂාව ලබා දීමට තීරණය වී තිබේ.
ඒ අනුව ඌව පළාත් භාර නියොජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය මත මේ වනවිට වන්නිලා ඇත්තන් වෙනුවෙන් සන්නද්ධ පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂාව ලබා දී ඇත.
දඹාන සංචාරක පොලිස් මුරපොළෙන් මෙම නිලධාරියා වන්නිලා ඇත්තන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර තිබේ.
ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති නියමයෙන් දඹාන සංචාර පොලිස් මුරපොල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර වන්නිලා ඇත්තන්ගේ නිවසේ රාත්‍රි සංචාරක පොතක් යොදා තිබේ..
තමන්ට සහ තම ඥාති පුතනු කෙනෙක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එල්ල වූ නිර්නාමික මරණ තර්ජන සම්බන්ධව වන්නියලා ඇත්තන් විසින් පසුගිය දා මහිංයගනය පොලිස්සියට පැමිණිල්ලක් යොමු කර තිබිණි.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ලගෙන් ලංකාසර කළ විමසීමක දී ප්‍රකාශ කළේ එම නිර්ණාමික ලියුම සම්බන්ධව මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
වන්නිලා ඇත්තටන්ටත් මරණ තර්ජන…. උරහිසේ ඇති පොරවෙන් කැබලි වලට කපා මරා දමනවා කියලා…