අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ පාර්ලිමේන්තු නියෝජිතයෙක් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව දඬුවම් නොදීමට හේතු දැක්වීම සඳහා සැප්තැම්බර් 29 වැනිදා අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ඔක්තෝබර් 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබිණි.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයා අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.
අධිකරණයට අපහාස කළ බව දන්වා සනත් නිශාන්තට පසුගිය අගෝස්තු මාසයේදී පාර්ශව කිහිපයක් විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කළේය. ඉකුත් දා විනිසුරුවරුන් ද අධිකරණය හමුවේ එම චෝදනාව ගොනු කළේය.
ඔහුට චෝදනා එල්ල වූයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ අපරාධකරුවන් නිදැල්ලේ තැබීම සම්බන්ධයෙන් ඇතැම් විනිසුරුවරුන් වගකිව යුතු බවට මාධ්‍ය හමුවක් පවත්වා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
“සමහර විනිසුරුවරුන් මෙහි වගකීම ගත යුතුයි, ඔවුන් මෙම අපරාධකරුවන්ට එක් දිනකින් ඇප ලබා දෙනවා,” ඔහු අගෝස්තු මාසයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ ලිපිත් කියවන්න…
අධිකරණයට අපහාස කළ සනත් නිශාන්තට දඬුවම් දෙන්නැයි විනිසුරුවරු අධිකරණයෙන් ඉල්ලති..