අරගලයට සම්බන්ධ අධිකරණ ක්‍රියාපිළිවෙත විවේචනයය කරමින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අධිකරණයට අපහාස කර ඇති බවත්, ඒ පිළිබඳ විධිමත් විභාගයක් පවත්වා ඔහුට දඬුවම් නියම කරන ලෙසත් ඉල්ලා අධිකරණ සේවා සංගමය ඊයේ (03) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මෙම සංගමයේ සාමාජිකත්වය දරන්නේ මහේස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුය.
මෙම පෙත්සම මගින් දන්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ රාජ්‍ය ඇමතිවරයා වරදක් කර ඇති බවය.
එබැවින් අධිකරණයට අපහාස කිරීම පිලිබඳව රා්‍ය ඇමතිවරයාට සිතාසි නිකුත් කර දඬුවම් නොකිරීමට හේතු විමසන ලෙස පෙත්සමින් ඉල්ලා ඇත.
ඉකුත් මැයි මස 09 දා ගාලු මුවදොර ගොඨාගෝගම අරගලයට පහර දීමේසිද්ධියට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර තිබන පැමිණිල්ලේ සකකරුවෙක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම් කර සිටියේය.
වගඋතත්රකාර සනත් නිශානත් නිශාන්ත මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වෙත සිතාසියක් නිකුත් කරන ලෙස ද ඔහු අධිකරණය ඉදිරියට කැඳවා දඬුවම් නොකිරීමට හේතු විමසන ලෙස ද පේතසම මගින් ඉල්ලා තිබේ.