සිය කුඩු ජාලයට එරෙහි වූවන් ඝාතනය කරවමින් රට තුළ දාම ඝාතනයක් නිර්මාණය කරමින් සිටිය දී ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වූ නදුන් චින්තක හෙවත් හරක් කටා මෙරටට ගෙන්වා ගැනීම වළක්වාලීම සඳහා පොලිසිය තුළම රහසිගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මාසයකට අධික කාලයක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන හරක්කටා මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරවන්නේ දේශපාලනයට සම්බන්ධ වීම නිසා පොලිිසිය තුළ බරපතල අප්‍රසාදයට පත් වූ එක්තරා පොලිස් නිලධාරියෙක් බවද වාර්තා වේ.
ආරක්ෂක අංශය අයත්වන ඉහළම බලධාරියෙකුගේ කීකරු සුරතලෙක් වීම හේතුවෙන් මේ වනවිට පොලිස්පතිටත් බලපෑම් කළ හැකි තත්ත්වයක සිටින බව කියන මෙම තැනැත්තා විනය ක්‍රියාමාර්ග හේතුවෙන් තනතුරින් පහළ හෙලූ පුද්ගලයෙක් බව ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම නිලධාරියා හරක්කටා සමග සමීප සම්බන්ධතාවයක් සහිත බවත්, කලෙක හරක්කටාගේ මැර බල ප්‍රදේශය වූ මිදිගම ආවරණය කරන වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේ මෙම සම්බන්ධතාවය ඉතා ප්‍රබලව ගොඩනැගී ඇති ආකාරයත් එම තොරතුරු වැඩිදුරටත් පවසයි.
යම් පිරිසක් ඔහුව යොදාගෙන මෙම පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යෑම ප්‍රමාද කළ බවත්, මේ වනවිට හරක්කටා ලංකාවට රැගෙන ඒම සඳහා දියත් වී ඇති ක්‍රියාවලිය ඉදිරියට නොගොස් එම ලියකියැවිලි ආරක්ෂක අමාත්‍යාංශයේ එක් තැනක සිරවී ඇති බවත් වාර්තා වේ.
මෙම ලිපිය කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළ යුතුව ඇතත් එය සිදුනොවීම සම්බන්ධව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරන් අලස් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පොලිස් මූලස්ථානයේ පැවති පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමේ දී ද දැඩි අවධානයට ලක් වී තිබේ.
කෙසේ වෙතත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරන් අලස් සිද්ධිය සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය ලේඛන කඩිනමින් ඩුබායි වෙත යැවීමට පියවර ගන්නා ලෙස සිය අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත.