පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති උපුල් දිසානායක මධ්‍යම පළාත් මහ ඇමති ධුරයට ඉදිරිපත් කිරීමට සුදුසු බවට සමගි ජන බලවේගය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔහු වසර 06ක කාලයක් පේරාදෙණිය විශ්විද්‍යාලයේ උප කුලපති ධුරය දරමින් එහි පාලන කටයුතු සිදුකළ අන්දමත්, මධ්‍යම පළාත තුළ ඔහු සිදුකළ කාර්යභාර්යයත් සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේ ඔහු ඉදිරිපත් කිරීම ඉතා සුදුසු බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත.
ඒ අනුව ඉදිරියේ දී ඔහු මධ්‍යම පළාත් සජබ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරනු ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.