ගමන් මල්ලක බහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල කුණුගොඩක දමා ගොස් තිබිය දී ඊයේ (04) හමුවූ කාන්තා මළ සිරුර පිළිබඳ අංශ කීපයක් ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති පොලිසිය මේ වනවිට කාන්තාවන් අතුරුදහන් වීම් සම්බන්ධව ලැබුණු පැමිණිලි විශේෂ අධ්‍යයනයකට යොමු කරමින් විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.
පසුගිය දින කීපය තුළ බියම ප්‍රදේශයෙන් කාන්තාවක් අතුරුදහන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසන පොලිස් ආරංචි මාර්ග ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව පවසයි.
මෘතදේහය හඳුනාගත නොහැකි තරමට නරක් වී ඇති නිසා එහි අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වී ඇත.
සිරුර රාගම රෝහලේ මෘතශරීරාගරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ද ආරම්භ කර ඇත.
ඊයේ සවස සිද්ධිය වර්තා වූ ස්ථානයට ගිය මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණි සිරිවර්ධන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර රාගම රෝහලේ මෘතශරීරාගාරය වෙත රැගෙන යන ලෙස සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කරන ලෙස නියෝග කළාය.