ලලිත් චාමින්ද –
අහංගම පංචාලිය ප්‍රදේශයේ දි ඊයේ (04) රාත්‍රි පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කොට ඇති බව අහංගම පොලිසිය පවසයි. ඝාතනයට ලක් වු පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත අයෙක් බවට අනාවරණය වි ඇත.
මියගොස් ඇත්තේ දඹගස්ආර්, දෙමටපිටිය වලස්ගල ප්‍රදේශයේ පදිංචි අසුන් චාමර නැමති (26) අයෙකි
මෙම පුද්ගලයා තවත් අයෙකු සමග මෝටර් රථයකින් අහංගම ප්‍රදේශයේ මිතුරකු හමුවිම සදහා පැමිණ ඇත. එම අවස්ථාවේ දි කළුපැහැති ස්කුටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයකු කාර් රථය නතරකොට තිබේ.
ඝාතනයට ලක්වු පුද්ගලයා කාර්රථයේ ඉදිරිපස අසුනේ වාඩිවි සිට ඇති අතර නම අසුන් දැයි විමසා පිස්තොලයකින් වෙඩිතබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි. පසුව එම කාර්රථයෙන්ම මොහු වැලිගම වලාන රෝහලට ඇතුලත්කොට ඇති අතර එම ඒ වනවිටත් මොහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.
කාර්රථය පදවා ඇත්තේ මියගිය අයගේ මිතුරෙකි. ඔහුද දෙමටපිටිය වලස්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය ලක්වු පුද්ගලයා 2021 06..13 වැනිදින වැලිගම පොල්අතුමෝදර වෙරළ තිරයේ දි හෙරොයින් මත්කුඩු කිලෝග්රැම් 218ක් හා මිලිග්රැම් 800ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ වරදට මොහුට අයත් සකිදුව නැමති බහුදින යාත්‍රාව සමග නාවික හමුදා නිලධාරින් හා මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
මෙම පුද්ගලයා ඇපමත සිටින අයෙකි. මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග එක්වි බහුදින යාත්‍රා යොදාගනිමින් මහාපරිමානයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ප්‍රවාහනය කිරිමෙ ජාවාරම්වල නිරතව සිටි අයෙක් බවට තොරතුර අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ද අහංගම පොලිසිය පරික්ෂණ පවත්වයි.