දිනසේන රතුගමගේ –
මන්නාරමේ ධීවරයින් හත් දෙනෙකුට පේසාලේ මුහුද මැදදී ප්රහාරයක් එල්ල කොට බරපතල තුවාල සිදු කළ පිරිසක් අත් අඩංගුවට ගැනීම සදහා ශ්රී ලංකා නාවික හමුදාව 4 දා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
පහර කෑමට ලක් වූ ධීවරයින් පිරිස වෙනත් ධීවරයින් පිරිසක් විසින් ගොඩ බිමට රැගෙන විත් පේසාලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මන්නාරම රෝහල වෙත මාරු කොට යවා ඇත.
මේ පිළිබදව පොලීසිය හරහා මන්නාරම නාවික හමුදා කඳවුරට තොරතුරු ලැබුණු අවස්ථාවේම නාවික හමුදාවේ යාත්රා පේසාලේ මුහුදු ප්රදේශය තුළ මෙහෙයුමක් අරඹා ඇතත් මන්නාරමේ ධීවරයින්ට පහර දුන් පිරිස මෙතක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
මේ සිද්ධිය සිදු වීමට දින කීපයකට ඉහතදී මන්නාරම පේසාලේ ප්රදේශයේ ධීවරයින් දෙපිරිසක් අතර ධීවර බලපත්ර සම්බන්ධයෙන් විශාල ආරවුලක් ඇති වූ බව ප්රකාශ කරන නාවික හමුදාව ඔවුන් මේ ධිවරයින්ට පහර දීමේ සීද්ධියට සම්බන්ධ දැයි පරීක්ෂණ මෙහෙයවන පිරිස විසින් සොයා බලන බවද සදහන් කළේය.