ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වර්ෂ 1948 පෙබරවාරි මස මස 21 වන දින මහනුවර කටුගස්තොට දී පත ලද ඇය අභාවප්‍රාප්ත වනවිට 74 වැනි වියේ පසුවූවාය. ඇය 1967 සිට 2011 වර්ෂය දක්වා චිත්‍රපට 84කට රංගනයෙන් දායක වූවාය. චිත්‍රපට 06ක් නිශ්පාදනය කළාය. වේදිකා නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූවාය.
සුමනා අමරසිංහ කීර්තිමත් නළුවෙකු සහ අධ්‍යක්ෂවරයකු ද වූ රෝයි ද සිල්වාගේ බිරිඳ වූවාය.