මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් වෙඩි තැබීමකින් ඝාතනය කර තිබේ.
මෝදර අලුත් මාවතේදීත් අද සවස මෙම ඝාතන සිදුවී ඇත. මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන සිටි විනෝදන් නැමැත්තා මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත.
සුළු පරිමාණයෙන් මත්කුඩු අලෙවිකිරීමේ ජාවාරමේ නිරතව සිටින ඔහු සමඟ මහා පරිමාණයෙන් මත්කුඩු අලෙවියේ නිරතව සිටින ජාවාරම්කරුවෙක් හිත් අමනාපයෙන් සිට ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලීසිය සැකකරයි.
ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම කර ඇත.







