ලලිත් චාමින්ද
භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත් වර්ෂ 07 කාලය තුළ රුපියල් මිලියන 35129ක මුදලක් මහාභාණ්ඩාගාරයෙන් ඛනිජතෙල් නිතිගත සංස්ථාවට ලැබිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
රජය විසින් තිරණය කළ මිල ගණන් යටතේ ඛණිජතෙල් නිතිගත සංස්ථාව විසින් භුමිතෙල් අලෙවිකරනු ලබන අතර කිසියම් මිල අඩුවිමකදී සංස්ථාවට සිදුවන පාඩුව රජයේ සහනාධාරයක් ලෙස පියවිමට රජය එකඟවි තිබුණි.
එහෙත් 2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වු කාලය තුළ ඛණිජතෙල් නීතිගත සංස්ථාවට භුමිතෙල් සහනාධාරය සඳහා ලැබිය යුතු මුළු සහනාධාර මුදල රුපියල් මිලියන 35987කි.
එහෙත් 2020 වර්ෂය අවසන්වනවිට මහාභාණ්ඩාගාරය විසින් සහනාධාර මුදල් වශයෙන් ප්‍රතිපුරණය කොට ඇත්තේ රුපියල් මිලියන 4459ක මුදලක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මහාභාණ්ඩාගාරය විසින් භුමිතෙල් සහනාධාරය ප්‍රතිපුරණය කිරීම පිළිබඳ කිසිදු තහවුරුකිරිමක් සිදුකොට නොමැති අතර එම නිසා සංස්ථාව විසින් 2017 වර්ෂයේ සිට භුමිතෙල් සහනාධාරය මුල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගෙන නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ඛනිජතෙල් නිතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.