-
රජයේ කාර්යාල සඳහා ගොඩනැගිලි බදු ගැනීම අත්හිටුවයි… වාහන බදු ගිවිසුම්, කඩදාසි භාවිතය, ඉන්ධන භාවිතය සම්බන්ධ දැඩි සීමා!
රට මුහුණපා ඇති ආර්ථික අභියෝගය ජයගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට සහායක් ලෙස රජයේ විදයම් සීමා කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛනයක් මගින් දැනුම් දී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සිදුකර තිබෙන මෙම දැනුම්දීමට අනුව වියදම් සීමා කිරිම කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇත.
රජයේ අවශ්‍යතා අනුව වාහන භාවිතා කිරීමේ දී ඒ සම්බන්ධව දැනට තිබෙන ගිවිසුම් දීර්ඝ කරන්නේ නම් ඊට භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීම, රජයේ කාර්යාල සඳහා පුද්ගලික අංශයෙන් ගොඩනැගිලි කුලියට බද්දට හෝ වෙනත් ක්‍රමයකට ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීම, කඩදාසි භාවිතය හැකිතාක් අඩු කිරීම, ඉන්ධන විදුලිය භාවිතයේ දී දැඩි පාලනයක් ඇතිකිරීම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට වැඩි දුරටත් උපදෙස් දී තිබේ.