ගෝල්ෆේස් අරගල භුමියේ බොම් මාලේගේ ගීතයක් ගැයූ ශාරස් ශිරාස් රාජාහ් ( Shiraz Shiraz Raajaah) නැමැති තරුණයෙක් බොබ් මාලේගේ ගීතයක් ගායනා කර අවසන් වූ වහාම ඇද වැටී මිය යෑමේ ඛේදනීය පුවතක් වාර්තා වේ.
ලෝක ජන අරගල ජව සම්පන්න කළ බොබ් මාලේගේ සුප්‍රකට Get up stand up ගීතය ගායනා කර විනාඩි දෙකක් යනවිට එම ස්ථානයේම ඇද වැටුණු ශිරාස් එතැන ස්ථානගත කර තිබූ හදිසි ප්‍රතිකාර ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
එහෙත් රෝහලට ගෙන යන අතර තුර ශිරාස් මියගොස් ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කළේය.
“ වීරයින් මිය යන්නේ අරගලයට අලුත් බලාපොරොත්තු දීලා“. ඒ මොහොත ගැන ලියැවුණු ෆේස් බුක් සටහනක දක්වා තිබිණි.
ශිරාස් මිය යන්නට මොහොතකට පෙර ගැයූ ගීතය පහත දැක්වේ.







