පක්ෂයේ සියලු එකඟතා සහ සැලසුම් විනාශ කරමින් ප්‍රියංකර ජයරත්නත් ආණ්ඩුවට සහාය පල කිරීමින් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ රැඳී සිටීමට තීරණය කිරීම සමග විශ්වාසභංගය පිළිබඳ මේ වනවිට ගොඩනැගී ඇති සංවාදය වෙනත් අතකට හැරෙමින් තිබේ.
කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී මේ වනවිට සිය රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගෙන රජයට සහය පලකිරීම සඳහා එක් වී සිටී.
රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කලද එය පිලි නොගැනීම මත ඔහු තව දුරටත් එම ධුරයේ රැදී සිටින බව ප්‍රකාශ වී තිබේ.
රට ස්ථාවර කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ ජාතිය අමතා කීවේය.







