ප්‍රදේශයේ හොර අරක්කු ඇල්ලීම හේතුවෙන් බෙලිඅත්ත කසිප්පූ ඕඅයිසී ගේ උදහසට ලක් වී දේශපාලන බලය අවභාවිතා කරමින් මොණරාගල අති දුෂ්කර ගරාඬුගල පොලිස් ස්ථානයට මාරු කර යැවූ 58 හැවිරිදි පොලිස් සැරයන්වරයා වෙත ජීවිතයත් එපා කරවන තරමේ බරපතල පීඩනයක්පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් විසින් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය තමන්ට ඇති බව තමන් විසින්ම තොරොම්බල් කරමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමක් කළ පොලිස් සැරයන්වරයෙකුට බැණ වදින හඬපටයක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වීමත් සමග බෙලඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ අනීතික හැසිරීම සම්බන්ධව ක්‍රියාත්මක වුණ පොලිස් මූලස්ථානය ඔහු කාර්ය භාර්යයක් රහිතව වහාම ක්‍රියාත්මකවන පරිදි මහනුවර පොලිස් මූලස්ථානය වෙත මාරු කර යවා තිබිණි.
පොලිස් මූලස්ථානය බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකර යැවීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයාගේ තර්ජනයට ලක්වන මෙම සිද්ධියට මුල් වූ බෙලිඅත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයා බෙලිඅත්තේ සිට මොනරාගලට ස්ථාන මාරු කිරීමක් සිදු කළේය.
මෙම දේශපාලන දාමයේම එක් පුරුකක් සේ ප්‍රසිද්ධියක් උසුලන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මොනරාගල සේවයට වාර්තා කළ මෙම සැරයන්වරයාට අශිෂ්ට ලෙස බැණ වැදී කලාපයේ දුෂ්කරම පොලිස් ස්ථානයක් සේ සැලකෙන ගරඬුගල පොලිසියට අනුයුක්ත කරවා තිබේ.
හොර අරක්කු ඇල්ලීම වරදක් වීම නිසා සිය නිවසේ සිට කිලෝ මීටර 300ක් පමණ දුර පොලිස් ස්ථානයක් වෙත සාධාරණ හේතුවක් රහිතව මාරු කර යවා ඇති මෙම පොලිස් සැරයන්වරයා තමන් සිය දිවි නසා ගන්නා තරමේ පීඩාවටක පත් වී ඇති බවත් කිසිම සාධාරණ පදනමක් නැතිව මෙවැනි අසාධාරණයකට තමන් ලක් නොකරන ලෙසත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේරත් බී.එස්.එස්. සිසිල කුමාර වෙත දන්වා ඇතැයි වාර්තා වේ.
මේ වනවිට එම පොලිස් සැරයන්වරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු හෙළි වී ඇත.
මේ කතාවත් බලන්න…