දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ සිට අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (16 ) යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉන්දීය ධීවරයින් නාගපට්ට්න ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සඳහා පැමිණි ධීවරයින් පිරිසකි.
ඉන්දීය ධීවරයින් පැමිණි යාත්‍රා දෙක නාවික හමුදා බාරයට ගෙන තිබේ.
නාවික හමුදාවේ අත් අඩංගුවට පත් ධීවරයින් පිරිස මයිලිඩ්ඩි ධීවර වරාය වෙත රැගෙනවිත් යාපනය ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දී තිබේ.
එම නිලධාරීන් මේ ධීවරයින්ගෙන් ප්‍රශ්න කොට ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.