රුසියානු යුක්රේන ගැටුම සඳහා දේශපාලනිකව බෙලරූස් රාජ්‍යය මැදිහත් වීමත් සමග එහි අධ්‍යාපනය ලබමින් සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 1500ක් දෙනා යළි රටට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ.
අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ බෙලරූස් රාජ්‍යයේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ මව් පියන් අද අග්‍රමාත්‍යවරයා හමුවී කළ ඉල්ලීමකට අනුවය.
අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ අදාළ විශ්විද්‍යාලවලට කතා කර අධ්‍යයන පාඨමාලා සති කීපයක් ප්‍රමාද කරගෙන රුසියානු වීසා බලපත්‍ර ලබා ගනිමින් සිසුන් මෙරටට ගෙන්වා ගැනීඹට අවශ්‍ය පහසුකම් සලසන ලෙසය.








