යුක්රේනයේ චීන තානාපති කාර්යයාලය යුක්රේනයේ වෙසෙන සිය පුරවැසියන් රටින් පිටකිරීම අරඹා තිබේ.
තානාපති කාර්යයාලය පැවසුවේ පළමු සංවිධානාත්මක කණ්ඩායම පසුගිය 28 දා යුක්රේනයෙන් පිටත්ව ගිය බවය. රාජ්‍ය මාධ්‍ය පවසන්නේ මොවුන් කියෙව් සිට මෝල්ඩෝවාව බලා යන චීන සිසුන් පිරිසක්බව යි.
බීබීසිය පවසන්නේ චීනය මෙතරම් ප්‍රමාද වී සිය පුරවැසියන් යුක්රේනයෙන් ඉවත් කිරීම ඇරඹීමෙන් කාරණා කිහිපයක් හැඟවෙන බවය.
ඉන් එකක් නම්, රුසියාව නොකල්හි කලබල නොකිරීම වැදගත්යැ යි චීන රජයට මුල දී හැඟී තිබුණාවීමේ හැකියාව ය.
තවෙකක් වන්නේ, රුසියාව ඉතා ඉක්මණින් යුක්රේනය අල්ලාගනු ඇතැ යි සිතූ චීනය සිය පුරවැසියන් රටින් පිට කිරීම අවැසි නොවනු ඇතැ යි සිතුවා විය හැකිවීම යි.
වඩාත් සිත් කලබල කරන වියහැකියාව වන්නේ, රුසියානු ප්‍රහාරය වඩාත් දරුණු අතට හැරෙනු ඇතැ යි චීනය ගණන් බලා තිබීම යි.
බීබීසී –







