හෙටත් (03) අද දිනය සේම පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එම කොමිසම නිවේදනය කරන්නේ උදේ 8 සිට සවස 06 දක්වා පහක විදුලි කප්පාදුවක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය දෙක හමාරක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවය.
එහෙත් මීට පැය කීපයකට පෙර මෙම මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍යයට ප්‍රකාශ කළේ විදුලි කප්පාදුව පිළිබඳ ප්රශ්නය ජනාධිපතිවරයාගේ නියමයෙන් විසඳූ බවය.
ජනධිපතිවරයා අද උදෑසන ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවට වහාම පිළියම් ලබා දුන් බවය. ඔහු අඛණ්ඩ විදුලි සැපයුමකට පොරොන්දු වුනේය.