අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර පාලන මිල ඉවත් කර ඇත.
පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේ බිත්තර පාලන මිල ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවය.
මෙතෙක් පාලන මිල ලෙස සුදු බිත්තර සඳහා රු. 44/- ක සහ දුඹුරු බිත්තර සඳහා රුපියල් 46/-ක පාලන මිලක් පනවා තිබිණි.
මේ වනවිට ආනයනික බිත්තර දේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර ලැබී තිබේ.
එය දේශීය වෙළෙඳපොළේ තරගකාරී මිලක් තීරණය කිරීමට මග පෑදෙනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.







