අද පෙරවරුවේ මැතිවරණ කොමිසම යළිත් රැස්වීමට නියමිතව තිබේ.
මැතිවරණය සම්බන්ධ සාකච්ඡා කිරීම සඳහා අද රැස් වුව ද ඉදිරි සතිය තුළ අග්‍රාමාත්‍යවරයා විසින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම සාකච්ඡාවේ දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරනු ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව දිගින් දිගටම ඇතිවන ගැටලු සම්බන්ධව සාච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබිණි.
මැතිවරණ කොමිසම අපේක්ෂා කරන්නේ එම සාකච්ඡාව ලබන සතිය තුළ ලැබෙනු ඇති බවය. පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ ඉදිරි තීන්දුව ගන්නට සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයා සමග පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යයට පැවසුවේය.







