අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවේ – තීරණය මැයි 1 සිට ක්‍රියාත්මකයි – අමාත්‍ය මනුෂ නානායක්කාර

by Lankasara News
අප්‍රේල් 4, 2023
in පුවත්
Manusha Nanayakkara - මනුෂ නානායක්කාර
Share on FacebookShare on Twitter

විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය මත ලබාගත හැකි තීරු බදු සහන ඉහළ නැංවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී අද (03) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ අමාත්‍යවයරා මේ බව සදහන් කළේය.

ඒ අනුව කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක වන අතර ඩොලර් 2400ත්, 4799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය. ඩොලර් 4800ත් ඩොලර් 7199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් හිමිවන අතර ඩොලර් 7200ත් ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ. ඩොලර් 12,000ත් ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතී. ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800ක අතිරේක තීරු බදු සහනයක් මේ අනුව ලබාගැනීමට හැකියාව පවතී.

වසරක කාලයක් තුළදී අදාල මුදල් රටට එවා ඇති ඕනෑම අයෙක්ට මෙම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතී. 2022 වසරේ මැයි පළමුවැනිදා සිට නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවූ ශ්‍රමිකයින් සදහා මෙම සහනය ලබාගැනීමට හැකියාව පවතින අතර වසරක කාලයක් තුළදී එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සදහා සලකා බලනු ලැබේ. මෙම තීරු බදු සහන ඉහළ නැංවීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සදහන් කළෙය්.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.

අපේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණු අවස්ථාවේදී විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලැබූ විදේශ ප්‍රේශ්ණ අඩුවෙලා පසුගිය මැයි මාසය වන විට විදේශ ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන දෙසීය ගණනකට පහළ වැටිලා තිබුණා. ඒ වෙලාවේ වහාලා සහ උණ්ඩියල් ක්‍රමයට තමයි රටට මුදල් එව්වේ. ඒ වෙලාවේ විදේශ ගත ශ්‍රමිකයින්ට සැලකීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණයක් ඇතිවෙලා තිබුණා. ලංකාවට සල්ලි එවන්න එපා කියලා විශාල දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම තමන්ගේ සල්ලි හොරකම් කරාවි කියන අවිශ්වාසය ඇතිවෙලා තිබුණා. මේවා විසදීමට අපි විශාල වැඩ කොටසක් ඉටු කරනු ලැබුවා. විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා රටට මුදල් එවීම දිරිමත් කිරීම සදහා අපි රජයක් විදියට වැඩ කරන්න පටන් ගත්තා.

විදේශ ගත ශ්‍රමිකයාට නිසි ගරුත්වය ලබාදෙන්න, නිසි සැලකීම ලබාදීමට අපි වැඩපිළිවෙලක් සකස් කරනු ලැබුවා. ගුවන්තොටුපොලේදී සිට විදේශ ගත ශ්‍රමිකයින්ට අඩු සැලකිල්ලක් දක්වන එකට විසදුම් ලබාදීලා, ඔවුන්ට ගරුත්වයක් ලබාදීමට අපි හෝප් ගේට් නමින් විදේශ පිවිසුම් ද්වාරයක් විවෘත කරනු ලැබුවා. විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් වැඩ කොටසක් කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ඩොලර් මිලියන පන්සියකක් එවන්න කියලා අපි රජයේ සම්පත් භාවිතා නොකර විදේශ ගත ශ්‍රමිකයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනු ලැබුවා.

විදේශ ගත ශ්‍රමිිකයින්ට විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට, නිවාස ණය ලබාගැනීමට, වැඩි තීරු බදු සහන විදේශ ගත ශ්‍රමියින්ට ලබාදීම සදහා වන කැබිනට් අනුමැතිය අපි ලබාගත්තා. දැන් රටට විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවසරය තිබෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ට පමණමයි. මේ නිසාම ඩොලර් මිලියන හතක මුදලක් රටට ලැබිලා තිබෙනවා. විදේශ ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සදහා ලබාදුන් කාල සීමාව දීර්ඝ කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මහ බැංකුව, රේගුව, සියලුම බැංකු සමග දීර්ඝ සාකච්ඡාවකින් පසුව විදේශ ගත ශ්‍රමිකයින්ට අඩු පොලීයකට ණය ලබාදීමට හැකියාව තිබෙනවා. ඒ සදහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියත් මේ වන විට ලබාදී තිබෙනවා. ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයා රටට එවා තිබෙන මුදල් ප්‍රමාණය මත පදනම්ව තෑගි වවුචර ලබාදීමේ ක්‍රමවේදයකුත් අපි හදුන්වා දී තිබෙනවා. විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකුලව බැංකු ක්‍රමය හරහා රටට මුදල් එවීම දිරිමත් කිරීම සදහා තමයි මෙම පියවර ගෙන තිබෙන්නේ.

ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින් රටට එවනු ලැබූ මුදල් ප්‍රමාණය මත පදනම්ව සහ විදේශ රටවල රැදී සිටි කාල සීමාව අනුව ගුවන්තොටුපොලේදී තීරු බදු සහන ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහන ඉහළ දැමීමේ වාසිය මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා.

විදේශ ගත ශ්‍රමිකයින් මාසිකව එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියනය දක්වා ඉහළ නංවාගැනීම තමයි අපේ ඉලක්කය. ඉන්දියාවේ විදේශ ගත ශ්‍රමිකයින් වාර්ශිකව එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා. එවැනි තත්වයක් තුළ ලංකාවේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසිකව ඩොලර් බිලියනක මුදලක් ගෙන්වා ගැනීම අසීරු ඉලක්කයක් නෙමෙයි.

මෙසේ විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ඩොලර් රට වෙනුවෙන් ප්‍රෙයා්ජනයට ගන්නා බවට සහතික කිරීම සදහා අපි ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. දූෂණ විරෝධී පනත ආණ්ඩුවක් විදියට ගේන්නේ ඒ නිසා. ඵලදායිතා කොමිසමක් හදලා මින් ඉදිරියට එක එක දේශපාලන උවමනාවන් අනුව කුළුණු ගහන්න මුදල් වියදම් කරන එක නතර කරනවා. ආයෝජනවල ඵලදායීතාවය ගැන අවධානය යොමු කිරීමෙන් පසුව පමණයි ඒ ආයෝජන කරන්නේ.

විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවා විදේශ විනිමය වශයෙන් පවතින බැංකුවල පවතින මුදල් සදහා කිසිදු බද්දක් අය කරන්නේ නෑ.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ ආචාර්ය බී.එච්.පී.කේ. තිලකවීර ඇතුළු රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වානිජ බැංකුවල නියෝජිතයින්ද එක්ව සිටියහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කෞතුකාගරයෙන් මිල කළ නොහැකි පුරාවස්තු තොගයක් උස්සලා!

Next Post

“බාලගිරි ” මැතිවරණය ගැන සාකච්ඡා කරන්න අදත් මැතිවරණ කොමිසම රැස් වෙයි… ඊලඟ තීන්දුව අගමැති සමග සාකච්ඡාවෙන් පසුලු!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.